මාර්තු මුල් සතියේ වාර්තාගත සංචාරකයින් ප්‍රමාණයක් පැමිණෙද්දී ලෝකයේ ඉන්න හිතෙන රටවල් අතර ලංකාවට ලැබුණ තැන!

Date:

කොළඹ LNW:මාර්තු මාසයේ මුල් දින නමයට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 70,449 ක් පැමිණ ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.

එය, පසුගිය වසරේ එකී කාල සීමාව තුළ වාර්තා වී ඇත්තේ 60,722 ක සංචාරක පැමිණීමකි. ඒ අනුව මෙම වසරේ සංචාරක පැමිණීමේ ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ.

මේ අනුව ජනවාරි මාසයේ පළමුවැනිදා සිට මාර්තු මාසයේ නමය දක්වා වූ කාලය තුළ සංචාරකයන් 563,427 ක් පැමිණ ඇති බවද සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මේ අතර ප්‍රකට සංචාරක සඟරාවක් වන Condé Nast ලෝකයේ කුටුම්භ හිතවාදී (ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි) රටවල් අතර පළමු ස්ථානය ලංකාවට ලබා දී තිබේ.

Condé Nast සඟරාව සදහා විශේෂ ලිපියක් සම්පාදනය කර තිබෙන Olivia Morelli ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාර ගුණයත්, රට තුළ එළිමහන් ක්‍රියාකාරකම් සදහා ඇති අවස්ථාවන් සහ සංචාරක නිකේතන තුළ පවත්වා සුහදශීලී වාතාවරණයත් විශේෂ ඇගැයීමට ලක් කර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...