Home විදෙස් ඇමරිකාව ඉරානයේ කාර්ග් දූපතට පහර දෙයි…

ඇමරිකාව ඉරානයේ කාර්ග් දූපතට පහර දෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 14,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඉරානයේ ඛාර්ග් දූපතේ පිහිටි හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඇමරිකානු හමුදා එල්ල කළ ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙම ප්‍රහාරය තහවුරු කර ඇති අතර, ඉරානය විසින් නාවික ගමන් මාර්ගවලට බාධා කළහොත් එරට තෙල් අපනයන යටිතල පහසුකම් විනාශ කරන බවට අනතුරු අඟවා ඇත.

මෙයට ප්‍රතිචාර දක්වමින් ඉරානය පවසා ඇත්තේ තම තෙල් සම්පත්වලට හානි වුවහොත් කලාපයේ ඇති ඇමරිකානු හිතවාදී තෙල් මධ්‍යස්ථාන අළු කර දමන බවයි.

මෙම ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ පිරිපහදු නොකළ තෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. තවද, ඇමරිකාව මැද පෙරදිගට අතිරේක භට පිරිස් යොමු කරමින් සිය හමුදා ශක්තිය වර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

දෙපාර්ශවයම දැඩි ස්ථාවරයක පසුවන බැවින් කලාපීය යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර අතට හැරෙමින් පවතී.