ජී. එල්. – බැසිල් රහසිගත සාකච්ඡාවක් ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ එම පක්ෂයෙන් ඉවත්ව ගිය ඩලස් පිල විසින් පිහිටුවාගත් නිදහස ජනතා සභාවේ ප්‍රබලයකු වන ජී. එල්. පීරිස් මහතා අතර රහසිගත දුරකථන සාකච්ඡාවක් පසුගිය සතියේදී පැවැත්වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මෙම සාකච්ඡාව පැවැත්වී ඇත්තේ පොහොට්ටුවේ සභාපති ධුරයෙන් ජී. එල්. පීරිස් මහතාව ඉවත් කළ බවට එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර ඇති තත්වයක් තුළ වීම විශේෂත්වයකි.

මෙම දුරකථන සාකච්ඡාව ඉතාම සුහද මට්ටමින් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වන නමුත් එහිදී කතාබහට ලක්වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැත.

කෙසේවෙතත් ජී. එල්. පීරිස් මහතා මේ වනවිට ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාව සම්බන්ධයෙන් ද කළකිරීමෙන් පසුවන බවත් එම සභාවේ ඇතැම් හිටපු ඇමතිවරුන් පීරිස් මහතාට එරෙහිව දැඩි විවේචන ඉදිරිපත් කරමින් සිටින බවත් දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහට ලක්ව ඇති කරුණකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BYD මෝටර් ධාරිතාව : විශේෂඥ කමිටු වාර්තාව ගැන අධිකරණයට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී රේගුව විසින් රඳවා තබාගෙන, දැනට...

Emmy රාත්‍රිය වර්ණවත් කරමින්, රංගන කාණ්ඩයක ලාබාලතම පිරිමි ජයග්‍රාහකයා ලෙස Adolescence හි Owen Cooper ඉතිහාසයට එක් වෙයි!

සටහන – පුලී සැප්තැම්බර් 15, කොළඹ (LNW): ඉකුත් ඉරිදා රාත්‍රිය ආලෝකමත්...

තවමත් ඇවිලෙන නන්පෙරියල්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15 කොළඹ LNW : දින කිහිපයක සිට...