*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/14

  1. ශී ජින්පින්ග් තෙවන වරටත් චීනයේ ජනාධිපති ලෙස පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුභපැතුම් එක්කරයි – ඔහුගේ නායකත්වය යටතේ චීනයේ සිදුව ඇති ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කරයි – විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග හමුවේ චීනයෙන් ලබා දෙන සහයෝගය පිළිබඳ අගය කරයි.
  2. ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – හම්බන්තොට ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගෙන ඇති බව පවසයි – හම්බන්තොට පිරිපහදුවක් සඳහා ආයෝජනය කිරීමට චීනයේ දැවැන්ත සමාගමක් වන Sinopec පොරොන්දු වූ බව ද පවසයි.
  3. තම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සමඟි ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සිරබත් කෑමට සූදානම් විය යුතු බව එම පක්ෂයේ පා.ම. එස්.එම්. මරික්කාර් පවසයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහට නොරැවටෙන මෙන් රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියි – රජයේ සේවකයන්ගේ රුචිය තිබිය යුත්තේ ජනතා හදවත් වෙනුවෙන් බව ද පවසයි.
  4. පෝය දිනවල ද විදේශිකයන්ට මත්පැන් විකිණීමට අවසර ලබා දෙන මෙන් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ යෝජනාවක් රැගෙන එයි.
  5. ඉකුත් සතියේ රබර් වෙන්දේසියේ දී සමස්ත රබර්-මූලික කොටස් විකිණී නැති බව වාර්තා වේ – තේ වෙන්දේසියේ දී තේ කොටස්වලින් සියයට 26 ම විකිණී නැති බව ද වාර්තා වේ – මිල උග්‍ර ලෙස පහත වැටෙන අතර, වතු සමාගම් සිය පිරිනැමීම් හකුලා ගන්නා තත්ත්වයක් උද්ගතව තිබේ.
  6. තැපැල් සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලබයි.
  7. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අධිප්‍රමාණය වීම ව්‍යාජව සිදුකරන ලද්දක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික විශේෂඥ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පා.ම. සුනිල් හඳුන්නෙත්ති පවසයි – මෙය නිර්මාණය කර තිබෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයක් යටතේ බවත්, එමඟින් ඉදිරියේදී ජනතා නැඟිටීම පාලනය කිරීම සහ ජනතාව රැවටීම ආණ්ඩුවේ අභිලාශය බවත් පවසයි – මහ බැංකුව විසින් ‘නිවැරදි’ ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා රුපියල ශක්තිමත් වූ බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.
  8. නව මහ බැංකු පනත විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසින් ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කර තිබේ – පෙත්සම්කරුවන් අතර, පා.ම. විමල් වීරවංශ සහ ආචාර්ය ගුණපාල අමරසේකර ද වෙති – ප්‍රමුඛ ව්‍යවසායකයකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සක්‍රිය ක්‍රියාධරයකු වන ජෙහාන් හමීඩ් ද මෙම පනතේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්කරයි.
  9. තම භාණ්ඩාගාර බැඳුම්කර අලෙවිය හරහා රජය ඉපැයීමට සමත්ව තිබෙන්නේ රු. බිලියන 110.44 පමණි – රු. බිලියන 180 ඉලක්කය සපුරා ගැනීමට රජය අසමත් වෙයි – වසර දෙකක සියලු භාණ්ඩාගාර බිල්පත් ලංසු පාහේ මහ බැංකුව විසින් ප්‍රතික්ෂේප වී ඇති අතර, ඉලක්කගත රු. බිලියන 70 න් අනුමත වී තිබෙන්නේ රු. බිලියන 0.4 පමණි.
  10. නවසීලන්තය පළමු ක්‍රිකට් ටෙස්ට් තරඟය කඩුලු 2 කින් ජය ගනියි – අවසන් දිනයේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ලකුණ ලබා ගනියි – ශ්‍රී ලංකාව ලකුණු 355 සහ 302; නවසීලන්තය ලකුණු 373 සහ 285/8 – ඒ අනුව, ලෝක ටෙස්ට් ශූරතා අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් නොලබයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan