රක්නා ලංකා නැවත කරලියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කරගෙන ගිය අධිවේගී මාර්ගවල අභ්‍යන්තර ආරක්ෂක කටයුතු හා මුදා ගැනීමේ මෙහෙයුම්, මේ වනවිට රක්නා ලංකා සමාගමට පවරා තිබෙන බව සඳහන් වේ. මෙතෙක් එම කටයුතු සිදු කළ පොලිස් විශේෂ කාර්ය බලකාය එම කටයුතුවලින් ඉවත් වී ඇති බව වාර්තා වේ.

පෙරේදා (13) සිට රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නිලධාරීන් මාර්ගයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

ඒ සඳහා මසකට රුපියල් මිලියන 12 ක් පමණ වැය කිරීමට සිදුව ඇති බවත්, මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම හා කුරුණෑගල අතර කොටසේ ආරක්ෂක හා මුදා ගැනීමේ මෙහෙයුම් පළාත් පාලන ආයතන වෙත පවරා ඇති බව අධිකාරිය වැඩිදුරටත් කියා සිටි.

  

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...