*
Saturday, July 27, 2024
spot_img

Latest Posts

සවිය නැති විහඟුන්ට අත්තටු සවි කළ ආරියපාල ගමගේ අභිනන්දනය

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 15, කොළඹ (LNW): “කලාසූරී ආරියපාල ගමගේ 50 වසරක කලා මෙහෙවර අභිනන්දන උළෙල” මෙහෙම වැඩක් තිබුණා.ඒ් වැඩේ ගැන අභිමානයට පාත්‍රවන මහා පුරුෂයා සමඟ දුරකතන සංවාදයකත් යෙදුණා.ඒ්ත් මොකද්දෝ නොපිරුණු හිස්කමක් හෝ ඔහු වැන්නෙක් ගැන ලියන්න නො’පැහුණු බවක් දැණුනා.අඩුවක් සහිතව නොලියවිය යුතු කෙනෙක් හැටියට පෞද්ගලිකව සිතේ තැන්පත්ව ඇති දේ ඒ් සඳහා හේතු වෙන්නට ඇති.ඒ් නිසා ඒ් අභිමන් පිදුමෙන් ඉනික්බිතිව තැබෙන මේ සටහන සපිරුණු එකක් නොවිය හැකි යුතුකමක්.ඔහු නොකියන සහ ඔහු ගැන නොදන්නා දේ බොහෝ තිබිය හැකි බව පැහැදිළි නිසා හදාරා ඉවර කරන්නට බැරි මනුස්සෙක්ගේ කලාව ගැන,දැණුම ගැන ලියන සටහනක් හැටියට මෙය ගත හැකියි.
ඇකඩමික් විදිහට ආරියපාල ගමගේ කියවගෙන යනකොට අපට හම්බ වෙන්නේ මූර්ති ගුරුවරයෙක්.තවත් අතකට චිත්‍ර කලාව පිළිබඳ ගුරුවරයෙක්.විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මේ සම්බන්ධයෙන් දැණුම බෙදා දෙන්නට ඔහුට තිබුණු පොහොසත්කම යට තියෙන ප්‍රායෝගික මනුස්සකම තමයි අතිශයින් වැදගත්.
ඔහුට ගෝල වූ පරම්පරාව බොහෝ විට හැදුණෙ ඔහුගේ නිවස තමන්ගේ නිවස කර ගෙනයි.දරුවන් ද නිදහස්ව වැඬෙන හැටි බලා සිටියා විනා අතින් ඇඳ තරවටු කර කලාව පැත්තට දැක්කීමට ඔහු උත්සාහ කළේ නැහැ.නමුත් හිස් නොවුණු ශව ගෙඩිවලින් පිරුණු නිවසේ සංවාද,සාකච්ඡා අතරේ වැඩෙන දරුවන් කලාවට යොමු වෙන්න අමුතුවෙන් පොළඹවන්න අවශ්‍යය වුණේ නැහැ.


පිරිවෙන් අධ්‍යාපනය තුළ චිත්‍රකලාව විෂය නොමැති අවධියක, මෙරට පළමුවරට චිත්‍ර විෂය ආරම්භ කරමින් චිත්‍රකලා ගුරුවරයෙක් ලෙස හොරණ විද්‍යාරත්නයට පත්ව එන ආරියපාල ගමගේ කලාකරුවා සැළකෙන්නේ පිරිවෙනක චිත්‍ර විෂය ඉගැන්වීම සඳහා පත් වූ පළමු චිත්‍ර ගුරුවරයා හැටියටය. පනස් හත්දෙනෙක් වූ ලලිත කලාවේදී උපාධිය හිමිකරගත් පළමු කණ්ඩායමේ සාමාජිකයෙක් වූ ආරියපාල ගමගේ පුරා විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි. කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මූර්ති ශිල්පය පිළිබඳ කථිකාචාර්යවරයෙකි. ටවර්හෝල් රඟහල නාට්‍ය පාසලේ කථිකාචාර්‍යවරයකු වශයෙන් සහ විද්‍යාරත්න විශ්වවිද්‍යා පීඨයේ බාහිර උපාධි අංශයේ කථිකාචාර්යවරයෙක් වශයෙන් ද ඔහු සෞන්දර්්‍ය විෂය කේෂ්ත්‍රයට නානා විධ ශානරයන් ඔස්සේ සෞන්දර්්‍ය පෝෂණය කිරිම පිණිස එකතු කර ඇති මහා ගෝල සෙනඟකි.
“ගෝලයො නම් නම්වලින් කියන්න මතක නැහැ.”


නම් කියන්නට ගොස් කිසිඳු ගෝල හිතක් රිද්දන්නට අකමැති නිසා එසේ කියන ආරියපාල සර් ගෝලයෙක්ට වඩා නිවැරදිව අත්තිවාරම ගැන උගන්වන්නෙක් හෙවත් මග පෙන්වන්නෙක්ය.විවිධ ශානරයන් ඔස්සේ හපන්කම් පාන ගෝල පරම්පරාව සිය නිර්මාණ කෞශළ්‍යය ස්වාධීන අනන්‍යතාවයක් ඇතුව විහිදන්නන් මිස ගුරුකුලයක සළකුණු තබා සිටින්නන් නොවේය.ආරියපාල ගමගේ වඩාත් වැදගත් වන්නේ ඔහුගේ මාර්ගෝපදේශන භුමිකාව අතුළත පදනම ශක්තිමත් කර කලාකරුවාට ස්වාධීව අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්නට කරන මඟ විවර කර දීම නිසාය.අඩුම තරමේ කලාවට සම්බන්ෂ ඔහුගේ පුතුන් දෙදෙනාද මේ කේෂ්ත්‍රය තුළ වැඩෙමින් සිටින්නේ ඔවුන්ගේ අනන්‍යතාවයක් සහිතව මිස ආරියපාල ගමගේ ගේ පුතුනුවරු හැටියට තබා ගත් සළකුණකින් නොවේය.


වේදිකා නාට්‍ය රැසක රංගභූමි අලංකරණය සහ රංග වස්ත්‍රාභරණ නිර්මාණයට ද දායක වී කටයුතු කර ඇති ආරියපාල ගමගේ සූරීන් ජනක් ප්‍රේමලාල්ගේ රාජකපුරු, රජගහේ නාඩගම, සක්වළ කැළඹිලා, සූර්ය ග්‍රහණය පරාක්‍රම නිරිඇල්ලගේ සෙක්කුව, ආනන්ද සේනාරත්නගේ පංචාලි, සුළලිතවත සහ සාම සංදේශය, රාමායණය (ටවර්හෝල් නිෂ්පාදනය) ඔය ආදි වේදිකා නාට්‍ය සිය හැකියාවෙන් පෝෂණය කළේය. 2014 වසරේ කලාභූෂණ රාජ්‍ය සම්මානයත් 2016 වසරේ විශ්වාභිනන්දන සම්මානයත් 2017 වසරේ කලාසූරී සම්මානයත් ඉන් අනතුරුව රයිගම්පුර භූෂණ සම්මානයත් දිනා ඇති ආරියපාල ගමගේ සූරීන්ට මේ සම්මාන පිදීම,අභිමානයට ලක් කිරීම වෙන දේ ට වඩා පපුව පිරෙන්න දැනෙන්නට ඇත.ඒ් ඔහුගේ පනස් වරක ගමණේ සාක්ෂිවලින් ඔහුව ඇගයීමට පත් කිරීම නිසාය.ඒ්වායේ ගුණ සුවඳ හමන සුසුම්වලින් ඔහුව සිප වැළද සැනසෙන මොහොතක තමන්ට තමන්ගේම අභිමානය දැනෙන ඒ් අපූරු මොහොත උදා කරන්නට මුල් වූ පුද්ගලයෙක් හිටියා.ඒ් තිලක් ජයන්ත.


ඇත්තටම ඇයි මේ සම්මානය වැඩිය බර වැඩිය වටිනා කියන දේ ගැන මිණුම් හදනවට වැඩිය පහසුවෙන්ම කියන්න පුළුවන් ඒ් සම්මානය වැඩිය ළඟයි කියලා.ආරියපාල සර් කියන,එහෙම නැත්නම් ආරි අයියා කියන,තවත් විදිහකට ආරි කියන ඔය තියෙන සම්බන්ධය අනුව බං බොලං මචං හැටියටත් ඔහුට ඔහුගේ ගලා ජීවිතේ තියෙන සම්බන්ධ ඔක්කොම පිරිස් “උඹ වැඩකරෙයෙක්” කියන සාක්ෂිය දෙන්නට එකතු වුණ තැනක් විතර වෙන ළඟ තැනක් තවත් තියෙනවද?
ඒ් නිසා ඒ් වැඩේ නිමාවේ වැඩේ සිද්ධ වෙච්චි හැටි සාක්ෂියක් ආරියපාල ගමගේ ගේන දානමය හෘදය උරම කර ගත්තු ඔහුගේ පුතා ලියපු සංවේදී සටහන මේ අඟින් තියන්නට හිතුවා.මෙතනින් පස්සට තියෙන්නේ තනූජ ගමගේ වූ ඒ් ආඩම්බර විය හැකි තාත්තෙක් ලැබීමේ භාග්‍යය උදා කර ගත් තනූජ සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනයි.


2024.03.09 දින හොරණ නගර ශාලාවේදී “කලාසූරී ආරියපාල ගමගේ 50 වසරක කලා මෙහෙවර අභිනන්දන උළෙල” නමින් අපගේ තාත්තා සඳහා තැබූ උත්සවයේ සංකල්පය තිලක් ජයන්ත අයියාගෙ… ඔයා නැත්තං අයියේ තාත්තගෙ ජීවිතේ ඒ මොහොත අපිට විඳින්න හම්බවෙන්නෙ නෑ….ඒ දවස් ටිකේම අපේ ගෙදරට වෙලා හැමදෙයක්ම හොයල බලලා කලේ තිලක් අයියා…ඒ කාලය සීමවේදී අපි මතවාදීව ඇරගත්තා…පරණ රසකතා මතක් කලා….විහිලු තහලු කලා….එක වෙලාවකට ඔයා මහා කලබල කාරයා..අනිත් වෙලාවට ආදරේ ඇරෙන්නට වෙන මොනවත්ම නැති මිනිහා….ඒ මොනවා උනත් අපි අපේම හැගීම්වලට ආදරය කලා… හැමදෙයක්ම මටනම් ආදරණීය සමරුවක්. තිලක් අයියේ ආදරෙයි කියනව තරම් වචනයක් නෑ මට කියන්න ආදරණීය ඔයාට.ආදරෙයී.


ඊට පස්සේ මේ වැඩේ පිටිපස්සේ හිටියෙ ජනක් ප්‍රේමලාල් සර් ඇතුලු රාජකපුරු නාට්‍ය කණ්ඩායම. එදින නලුවන්ගෙ සිට සංගීතය සපයන්නන්, ලයිට් හයිකරපු අය , නාටය බස් එක පවා තම අතින් වියදම් කරන් ඇවිත් ඉතාමත් ආදරයෙන් වැඩේ කරල ගියේ ආරියපාල ගමගේ තම සහෝදර කලාකරුවාවෙනුවෙන් තිබූ ආදරය නිසාවෙනි.ඒ ලැබුණු මුදල් පරිත්‍යාගයක් ලෙස මාගේ පියා අතට ලබාදුන්නා.ආදරෙයි ජනක් සර්ට සහ සිරිසේන සර්ට.ආදරෙයි කණ්ඩායමේ හැමෝටම. තම කාලය ශ්‍රමය ධනය වැයකරමින් රසික හපුආරච්චි අයීයා එදා ලස්සන අර්ථවත් විනාඩි 23 වාර්තාමය වීඩියෝවක් නිර්මාණය කරල තිබුනා…එ සදහා සහබාගී වූ හා අදහස් දැක්වූ හැමෝටම ආදරෙයී.රසික අයියේ ආදරෙයි ඔයාටත් ඒ වගේම ඔයාගෙ පුතාටත් එයා එදා වැඩසටහන දවසෙ කැමරාව පිටුපස සිට සෑහෙන්න වැඩ ගොඩක් කලා.ලංකා අයියේ ආදරෙයි ඔයාටත්. එදා වැඩේ ශබ්දවාහිනී යන්ත්‍ර එක්ක දැගලුවේ අපේ සිතාර අත්තනායක.මල්ලී ආදරෙයී හැමදාමත් ඔයා අපි එක්ක තනි නොකර ඉන්නවට. එදින ආරධිත අමුත්තා ලෙස දහසක් වැඩ අස්සේ සහභාගී වූ ඩග්ලස් සිරිවර්දන මහතාවද ආදරයෙන් මතක් කරනවා .එදා ආරාධනා පිලිගෙන පියාගේ 50 වසරක කලා මෙහෙවර අගයන්න පැමිනි ඔබසැමට ආදරෙයී. විදෙස් ගතව සිට උදව් උපකාර කල සැමටමත් ආදරෙයී.එදා දවසට ලෑස්ති කර තිබූ බොහෝ දේවල් පිටුපස තවත් සෑහෙන්න පිරිසක් ඉන්නවා… භාරත ලියනගේ අංකල් සහ සිදත් ලංකාගේ අයීයා එකතුව සැදූ තාත්තාගේ උඩුකය පිලිරුව ඔහුට දුන් ආදරණීය තිළිණයක්. ආදරෙයී දෙන්නටම දාහක් වැඩ අස්සෙ නිදිමරාගෙන තම කාලය ශ්‍රමය ධනය වැයකරමින් ඒ අපූරු නිරමාණ කාර්‍යය සිදුකලාට.තිලක් අයියාගේ ලස්සන පදපෙළකට සංගීත නිර්මානය කල සමිත් රුක්මල් මල්ලීටත් එය ගායනය අජිත් අයියාටත් සංගීතය සැපයූ සියලුම ආදරණීය කලා කරුවන්ටත් ආදරෙයී.ආදරෙයි සමිත

.මුද්‍රිත සහ සමාජ මාධ්‍ය සදහා තම ග්‍රැෆික් නිර්මාණකරනයෙන් උපරිම සහයක් ලබාදුන් ඔලබොඩුවේ අමිතසාර අපෙ හාමුදුරුවනේ ආදරෙයි.ප්‍රින්ටින් කටයුතු සියල්ල කරදුන් ප්‍රියන්ත බමුණුසිංහ අයියාට, ඉංගිරියේ සීගිරි ආර්ට්ස් තරංග අයියාටත් ආදරෙයි දෙන්නටම.එදින නාට්‍ය කණ්ඩායමට ආහාර ලබාදුන් ජනක කේටස් අදිපති ජනක ශාන්ත අයියේ ආදරෙයි ලස්සනට වැඩේ කරල තිබුනා.එදින සංග්‍රහ සදහා උපකාර කල වාසනා බේකස් අධිපති දයානන්ද මහතාටත් අමරසිංහ වෙද මැදුරේ අධිපති චතුර අයියාටත් ආදරෙයි හැමෝටම මේ වැඩේට දැක්වූ සහයට.වැඩ සටහන මෙහෙය වූ මංගල අයියේ ආදරෙයි හැමෝම එක්ක සහයෝගයෙන් ඒවැඩේ කලාට… ටිකට් පත් ගෙන එහෙ පැමිනි ඔබ සැමටත් ආදරෙයී.තිලංග සහෝ..ඉවුමින් අක්කේ, රුවන් අයියේ ,ජගත් ජයසූරිය අයියේ, ලාල් අයියේ, හසන්ත අයියේ ,චම්පි අක්කේ , නදුන් මල්ලී…තොසාන් මචං…ගිහාන් පුතා…සුනිල් හදපාන්ගොඩ අයියේ, නන්දන අයියේ..අජන්ත අයියේ…ඔයාල හැමෝටමත් ආර්ට් ෆුල් මගේ සහෝදරයන්ටත් ආදරෙයි හැමෝටම මේ කාර්‍යය කිරීම වෙනුවෙන්.


මේ සියල්ල සම්බන්ද කරගනිමින් ඉතාමත් ආදරයෙන් මෙම කාර්‍යය සිදුකල තිලක් අයියේ ආදරෙයී
මා දන්නා තරමින් මේ සටහන තබමි.අතපසු වීමක් ඇත්නම් තරහක් ඇති නොකර ගන්න.ආදරෙයී.
-තනුජ ගමගේ-

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan