සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය X-Press Pearl නෞකාවට අදාල ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරයි!

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):ලන්ඩන් අධිකරණය මගින් නැවෙන් වූ හානියට වන්දි සීමාවක් පනවා ඇති බැව පවසමින්, X-Press Pearl නෞකාව අයත් සමාගමෙන් වන්දි ඉල්ලා ලක් රජය පැවරූ නඩුව නිශ්ප්‍රභ කරන්නැයි නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින් කළ ඉල්ලීමක් සිංගප්පූරු ජාත්‍යන්තර වාණිජ මහධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අධිකරණය නඩුව සඳහා විරෝධතා ගොනු කරන ලෙස රක්ෂණ සමාගම්වලට නියෝග කර ඇති අතර,ඒ සඳහා සිංගප්පූරු වාණිජ මහාධිකරණය රක්ෂණ සමාගම් වෙත මාර්තු 24 වැනිදා දක්වා කල් ලබා දුන් බව වාර්තා වේ.

නඩුව යළිත් ජූලි පළමු වැනිදා කැඳවීමට නියමිත අතර, එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන මුහුදුබත් වීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට පනවා ඇති සීමාවලට එරෙහිව බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය හමුවේ නිතිපතිවරයා ගොනු කළ විරෝධතා සඳහා නැව් සමාගමේ රක්ෂණ නියෝජිතයින්ට ප්‍රතිවිරෝධතා ගොනු කිරීමට අවස්ථාව ලබා දී ඇති බව සඳහන්වේ.

මැයි 24 වැනිදා දක්වා රක්ෂණ නියෝජිතයින්ට කල් ලබා දී ඇති බව  නීතිපති දෙපාර්තමේන්තුව පවසන අතර, බ්‍රිතාන්‍ය අද්මිරාල් මහාධිකරණය නෞකාව අයත් සමාගමෙන් ලක් රජයට ලබා ගත හැකි වන්දිය ස්ටර්ලිං පවුම්  මිලියන 19.5 කට සීමා කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. ඊට එරෙහිව ලක් රජය  විරෝධතා ගොනු කළේ ජනවාරි 29 වැනිදා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුත්තලම මුහුදු තීරයේදී බීඩි කොළ සමඟ බෝට්ටු 04ක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : උඩප්පුවට ඔබ්බෙන් වූ...

සුරේෂ් සලේගේ රිට් පෙත්සම සහ අභියාචනාධිකරණ තීන්දුව

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : රාජ්‍ය බුද්ධි සේවයේ...

ශ්‍රීලන්කන් ගුවන් සේවය හැකර් ප්‍රහාර වාර්තා ප්‍රතික්ෂේප කරයි…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ශ්‍රීලන්කන් ගුවන් සේවය...