සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):ඉකුත් දා මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා තායිලන්ත උප අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය පාන්ප්‍රි බහිද්ධ නුකාර මහතා සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.

දුරකතන මාර්ගයෙන් අදාළ සාකච්ඡාව දෙපාර්ශ්වය පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළ අතර, මියන්මාර සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු සිටින අතර ඉන් අට දෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවයි මියන්මාර රජය පසුගියදා නිවේදනය කළේය.

මියන්මාර රජය පවසන්නේ, ඉතිරි ශ්‍රී ලාංකිකයන් ද බේරා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අලි සබ්‍රි මහතා , තායිලන්ත උප අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇති බව සඳහන් වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කොට ඇති බවයි .

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අන්‍යනෝන්‍ය වීසා රහිත විධි විධාන , පුනර්ජනනීය බලශක්තිය සහ ධීවර යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යවරුන් අවධානය යොමු කොට තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...

සර්වඥ ධාතු ප්‍රදර්ශනයට සූදානම්. ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවකුත් කැඳවයි!

කොළඹ LNW:ඉන්දියාවේ සිට වැඩම කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය...