සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 15, කොළඹ (LNW):ඉකුත් දා මියන්මාරයේ සයිබර් අපරාධ කලාපයෙන් බේරාගත් ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රි මහතා තායිලන්ත උප අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍ය පාන්ප්‍රි බහිද්ධ නුකාර මහතා සමඟ සාකච්ඡා කළ බව වාර්තා වේ.

දුරකතන මාර්ගයෙන් අදාළ සාකච්ඡාව දෙපාර්ශ්වය පැවැත්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළ අතර, මියන්මාර සයිබර් අපරාධ කලාපයේ ශ්‍රී ලාංකිකයින් 56 දෙනෙකු සිටින අතර ඉන් අට දෙනෙකු බේරා ගැනීමට හැකිවූ බවයි මියන්මාර රජය පසුගියදා නිවේදනය කළේය.

මියන්මාර රජය පවසන්නේ, ඉතිරි ශ්‍රී ලාංකිකයන් ද බේරා ගැනීමට පියවර ගනිමින් සිටින බවයි.

එම පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස අලි සබ්‍රි මහතා , තායිලන්ත උප අග්‍රාමාත්‍ය හා විදේශ අමාත්‍යවරයාගෙන්  ඉල්ලා ඇති බව සඳහන් වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට තායිලන්ත විදේශ අමාත්‍යවරයා එකඟත්වය පළ කොට ඇති බවයි .

තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අන්‍යනෝන්‍ය වීසා රහිත විධි විධාන , පුනර්ජනනීය බලශක්තිය සහ ධීවර යන ක්ෂේත්‍රවල දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී විදේශ කටයුතු අමාත්‍යවරුන් අවධානය යොමු කොට තිබෙන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...