බැසිල් මහත්තයෝ, මාස හයකටවත් ගෙදර යන්න – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඉල්ලයි !

Date:

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධුරයට පත්වූ පසුව එතෙක් තිබුණු දේ පවා නැතිවුණු බවක් ජනතාව පවසන බවත් වත්මන් ආණ්ඩුව පිහිටුවීමට උදව් කළ අයට පවා හෙණ ඉල්ලන තැනට අද ජනතාව පත්ව ඇති බවත් නාරාහේන්පිට අභයාරාමයේ විහාරාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“මිනිස්සු අද කියන්නෙ මොකක්ද ? මේ ආණ්ඩුව ගේන්න උදව් කරපු එවුන්ටත් ගහපිය හෙණ, ආණ්ඩුවේ ඉන්න එවුන්ටත් ගහපිය හෙණ කියලා. නමුත් අපි නිරන්තරයෙන් අඩුපාඩු පෙන්වනවා ආණ්ඩුව හදාගන්න. නමුත් දැන් සීමාව ඉක්මවලා ගිහිල්ලා තිබෙන්නෙ. බොහෝම දෙනෙක් කියන්නෙ බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති වුණායින් පස්සේ තිබ්බ දෙයත් නැතිවුණා කියලා. බැසිල් මහත්තයෝ, මේ චෝදනාවලින් නිදහස් වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් හය මාසයක්වත් ඈත්වෙලා ඉන්න. අද ඔබතුමා තමයි ලොකුම අපලය කියලා ජනතාව කියන්නෙ”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...