ආර්ථික සභාවට උපදෙස් දීමට ආර්ථික උපදේශක කමිටුවක් පත්කෙරේ !

Date:

ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පත්කෙරුණු ආර්ථික සභාවට විශේෂඥ උපදෙස් ලබාදීම සඳහා ආර්ථික උපදේශන කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර ඇති බව වාර්තා වේ.

මෙම උපදේශක කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, දිවයිනේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයින් සහ ධම්මික පෙරේරා මහතා ඇතුළු ප්‍රධානතම ව්‍යාපාරිකයින් පිරිසක් නම් කර තිබේ.

ඒ අනුව,

මහාචාර්ය එච්. ඩී. කරුණාරත්න
මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
ආචාර්ය දුෂ්නි වීරකෝන්
ධම්මික පෙරේරා
ක්‍රිෂාන් බාලේන්ද්‍ර
ඔමාර් අෂ්රෆ්
ආචාර්ය හාන්ස් විජේසූරිය
විශ් ගෝවින්දසාමි
එස්. රෙංගනාදන්
රංජිත් පේජ්
සුරේෂ් ද මෙල්
ප්‍රභාෂ් සුබසිංහ
දුමින්ද හුලංගමුව
සුජීව මුදලිගේ

යන සාමාජිකයින් ඊට පත්කර ඇත.

එසේම මෙම ආර්ථික උපදේශක කමිටුවෙහි සම්බන්ධීකරණ කටයුතු සඳහා බොහෝවිට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික සභාව අද (15) රැස්වීමට නියමිත අතර එම රැස්වීමට මෙම උපදේශක කමිටු සාමාජිකයින් ද සහභාගී වීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...

ගින්නෙන් උපන් සීතල 2 අධ්‍යක්ෂණයට ප්‍රසිද්ධ දේශපාලනඥයින් තිදෙනෙක් ???

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ ජීවිත කතාව...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මාලාවකට

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකීය සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ...