වාසුත් ඇමති ධුරයෙන් පහ කරයි ?

Date:

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍ය ධුරයට අදාල රාජකාරිවලින් ඉවත්ව සිටීමට තීරණය කිරීම නිසා අමාත්‍යංශය තුළ පරිපාලනමය ගැටලු මතුව ඇති බව අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් ආණ්ඩුවේ නායකයන්ට පෙන්වා දී තිබෙනවා. මෙම තත්වය මත ජලසම්පාදන අමාත්‍යවරයා ලෙස වෙනත් අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නායකයන්ගේ අවධානය යොමුව තිබේ.

විමල් වීරවංශ මහතා සහ උදය ගම්මන්පිල මහතා කැබිනට් තනතුරුවලින් ඉවත් කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් වාසුදේව නානායක්කාර මහතා සිය අමාත්‍යංශයේ කටයුතුවලින් ඉවත් වූ අතර කෙසේ නමුත් අමාත්‍ය තනතුරින් ඉවත් නොවන බව ප්‍රකාශ කළේය. ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමටද ඔහු සහභාගි නොවූ අතර රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇති නිසා සිය නිළ වාහනය සහ නිළ නිවසද ආපසු බාර දී තිබිණි.

මෙම තත්වය මත ජලසම්පාදන අමාත්‍යංශය ඇමතිවරයෙකු නොමැති තත්වයට පත්ව ඇති අතර ආණ්ඩුවේ නායකයන්ට බලපෑම් එල්ල වී තිබෙන්නේ වෙනත් පුද්ගලයෙකු ජලසම්පාදන අමාත්‍ය තනතුරට පත්කළ යුතු බවටයි.

මේ වනවිට රට මුහුණ දී සිටින බරපතල ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හමුවට යාමට ආණ්ඩුව යම් සූදානමක සිටින අතර යම් හෙයකින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කළහොත් එම මොහොතේම අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවද වාසුදේව නානායක්කාර මහතා පවසා තිබෙනවා.

මෙම තත්වය මත බොහෝදුරට ඔහුට ඇමති තනතුර අහිමිවීමට හෝ ඇමති තනතුරෙන් ඉල්ලා අස්වීමට සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...