නාමල්ලාට අපි නඩු දැම්මේ නෑ – ඇමති ආනන්ද විජේපාල

Date:

යහපාලන ආණ්ඩු සමයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ තමන් නාමල් රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පවුලේ අයට නඩු පැවරීමට කටයුතු නොකළ බව වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“ගරු නාමල් මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කළා, දූෂණ මර්දන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා හැටියට හිඳිමින් එතුමන්ලාට වැඩියෙන් නඩු දැම්මායි කියලා. ඇත්ත වශයෙන්ම දූෂණ මර්දන ලේකම් කාර්යාලයට පැමිණිලි භාරගැනීම තමා අපි සිද්ධ කළේ. නඩු දැමීමේ කාර්යය කළේ පොලීසියෙ විමර්ශනවලින් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුව. වැඩියෙන් පැමිණිලි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් තමා ක්‍රියාත්මක වුණේ. ඔබතුමන්ලාට එරෙහිව වැඩියෙන් පැමිණිලි ලැබුණා නම් ඒ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරන්න ඇති. එහෙම නැතිව නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා හෝ එතුමාගේ පවුලේ කිසිවෙක් සම්බන්ධයෙන් අපි කටයුතු කළේ නෑ. අපට ඒ කාර්යාලයට ලැබුණු පැමිණිලි අපි ඉදිරිපත් කළා සීඅයිඩී එකට එෆ්සීඅයිඩී එකට හා අල්ලස් කොමිසමට. ඒ හරහා විමර්ශන සිද්ධ වෙලා නීතිපති හරහා තමා අධිකරණ ක්‍රියාමාර්ග යන්නේ. ඒ හින්දා කවුරුවත් පාදක කරගෙන ඒ කාර්යාලය ක්‍රියාත්මක වුණේ නෑ”

නාමල් රාජපක්ෂ – “ගරු ඇමතිතුමනි, ඔබට ස්තූතිවන්ත වෙනවා. හැබැයි ඉතින් පැමිණිලි බොහොමයක් දාපු අය ඔබතුමන්ලාගෙ කැබිනට් මණ්ඩලයේ වාඩිවෙලා ඉන්නවා අද”

“ඒ කාර්යාලයට ඔබතුමන්ලාගෙ ආණ්ඩුවේ හිටපු අයත් ඇවිල්ලා පැමිණිලි ඉදිරිපත් කළා. විවිධ පක්ෂවල අය ඇවිල්ලා ඉදිරිපත් කළා, සිවිල් ජනතාව, සිවිල් සංවිධාන, විවිධ අය ඇවිල්ලා පැමිණිලි ඉදිරිපත් කළා. ඒකට බාධාවක් තිබුණෙ නෑ. ඒ විදියට තමා පැමිණිලි ඉදිරිපත් වුණේ”

ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය අතරතුර ඇතිවූ සංවාදයකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ කඩුගන්නාවේ නායයාමක්. නුවර – කොළඹ මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ (VIDEO)

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබේ. මේ හේතුවෙන් නුවර -...

ජාතික ක්‍රීඩාවේ ආධුනිකයන්ට දොර ඇරෙන මන්චි පළාත් තරග ඇරඹෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 22, කොළඹ LNW සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය...

හැට අට ලක්ෂය යනු සීයට තුන නොවේ ….

මීට අවුරුදු තුනකට කලින් එළියටවත් බහින්න බැරිව හිටපු රාජපක්ෂලා...

සුබ උපන්දිනයක් ‘ජෝ

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත්...