මෙරට රජයේ රෝහල්වල භාවිතය සඳහා ඉන්දියාවෙන් රුපියල් මිලියනයක් පමණ වටිනා එන්නත් පරිත්‍යාගක්!

රෂිකා හෙන්නායක මාර්තු 15, කොළඹ (LNW):

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර, එම හමුවට සමගාමිව ඉන්දියාවෙන් මෙරට රජයේ රෝහල්වල භාවිතය සඳහා රුපියල් මිලියනයක් පමණ වටිනා එන්නත් පරිත්‍යාග කර ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරියේ දී දියත් කිරීමට සැලසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබදව ද මෙහිදි සාකච්ඡා වී ඇති අතර, ඉදිරියේ දී දිවයිනම ආවරණය වන පරිදි ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩසටහන සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා සතුට පල කළ බව වාර්තා වේ.

අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ, වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වී ඇත්තේ ගුණාත්මක තත්ත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලකට ජනතාවට ලබාදිම බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...