ජනාධිපති ට්‍රම්ප් චීනය, ප්‍රංශය, ජපානය සහ එක්සත් රාජධානියෙන් ඉරානයට එරෙහිව යුධ නවුකා යොමු කරන ලෙස ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණි
මාර්තු 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහි යුද්ධයේ නව පියවරක් වශයෙන් චීනය, ප්‍රංශය, ජපානය සහ එක්සත් රාජධානියෙන් යුධ නවුකා හොමුස් සමුද්‍ර සන්ධියට එවන ලෙස ඉල්ලා තිබේ.

යුද්ධයේ ආරම්භයේ සිට ටෙහෙරානය විසින් සියලුම සමුද්‍රීය ගමනාගමනය සඳහා පාහේ වසා දමා ඇති තීරණාත්මක ජල මාර්ගයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් නැවත විවෘත කිරීමට එක්සත් ජනපද උත්සාහයකට සහාය දැක්වීම සඳහා එක්විය යුතු බවට ජනාධිපති ට්‍රම්ප් ඊයේ(14)දිනයේදී සිය Truth Social සඳහන් කර ඇත.

ඊයේ(14) රාත්‍රියේ NBC ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ එක්සත් ජනපද ප්‍රහාර දිවයිනේ වැඩි කොටසක් සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති නමුත් අපි විනෝදය සඳහා තවත් කිහිප වතාවක් එයට පහර දෙන බවත්, ඉරාන නායකයින් “අවුල් සහගත ජරාවන්” ලෙස හැඳින්වූ අතර ඔවුන් මරා දැමීම ගෞරවයක් බව පැවසීය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරානය සඳහන් කර තිබුණේ, එක්සත් ජනපද සබඳතා ඇති කලාපයේ ඕනෑම පහසුකමක් ඉලක්ක කර ගනිමින් මැද පෙරදිග ඇවිළෙන යුද්ධය තවදුරටත් උත්සන්න කරන බවයි.