ණය ප්‍රතිව්‍යූහගත කිරීමට රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කරයි

Date:

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරන්නේ ලංකාවට ලබා දී ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා තවත් රටවල් හතරක් කැමැත්ත ප්‍රකාශ කර ඇතැයි බවයි .

සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මූල්‍ය සහතික ලබා ලබා දී ඇතැයි අලි සබ්රි මහතා පෙන්වා දී තිබේ. ශ්‍රී ලංකාව ගෙවමින් සිටින දුෂ්කර කාලයේදී මෙරටට සහාය වීම පිළිබඳව සෞදි අරාබිය, පාකිස්තානය, හංගේරියාව සහ කුවේටය යන රටවල් ස්තුතිවන්ත වන බව සබ්රි මහතා තැබූ සටහනේ දැක්වේ.

එසේම නැවත වරක් ඉන්දියාවට , පැරිස් සමාජයට සහ චීනයට ශ්‍රී ලංකාවට මූල්‍ය සහතික ලබා දීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පිරිනමන බව සබ්රි මහතා ප්‍රකාශ කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...