*
Friday, April 26, 2024
spot_img

Latest Posts

පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා ඉන්දියාවේ සහයෝගය ශ්‍රී ලංකාවේ අනාගතයට කළ ආයෝජනයකි

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඉන්දියානු සහයෝගය ඇතිව රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ දී මුද්‍රණය කළ පාසල් පෙළපොත් තොගයක් නිල වශයෙන් භාර දීමේ අවස්ථාවට 2023 මාර්තු 09 වන දින සහභාගී වූහ. මෙම පෙළපොත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් විසින් භාවිතා කරනු ඇත. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අර්වින්ද් කුමාර් මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

2.      ආහාර, ඉන්ධන, ඖෂධ, කාර්මික අමුද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයාගැනීම සඳහා 2022 මාර්තු මාසයේ දී ඉන්දියාව විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1ක සහනදායි ණය පහසුකමක් ලබා දෙන ලදී. මෙම ණය පහසුකමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 10කට අධික ප්‍රමාණයක් රාජ්‍ය මුද්‍රණ ‍සංස්ථාව සහ පෞද්ගලික ආනයනකරුවන් විසින් මුද්‍රණ කඩදාසි සහ අමුද්‍රව්‍ය ආනයන කිරීම සඳහා භාවිතා කරන ලදී. මෙම කඩදාසි සහ අමුද්‍රව්‍ය 2023 අධ්‍යයන වර්ෂය සඳහා මිලියන 4ක් වන ශ්‍රී ලංකා පාසල් දරු දැරියන්ගේ පෙළපොත් අවශ්‍යතාවයෙන් 45%ක් මුද්‍රණය කිරීමට යොදා ගැනේ.

3.      මෙම අවස්ථාව අමතමින් මහ කොමසාරිස්තුමා අවධාරණය කළේ පෙළපොත් මුද්‍රණය සඳහා ඉන්දියාව ලබා දුන් සහය ශ්‍රී ලංකාවේ අනාගතයට කළ ආයෝජනයක් බවයි. එය ශ්‍රී ලංකාවේ දුවා දරුවන්ගේ අනාගතය දීප්තිමත් කිරීමට දායක වනු ඇති බව එතුමා සඳහන් කළේය. අධ්‍යාපන අමාත්‍යතුමා පසුගිය වසර තුළ ඉන්දියාව විසින් ලබා දුන් සහයෝගය සහ පාසල් දරුවන් සඳහා පෙළපොත් මුද්‍රණය කිරීමට ඉන්දියානු ණය පහසුකම හරහා ලබා දුන් කාලීන සහය අගය කළේය. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා මෙම දුෂ්කර කාලයේ දී  ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාදෙන සහයෝගය අගය කළේය. සම්භාවනීය අමුත්තන් පිරිස රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ අතර එහි මෙහෙයුම් කටයුතු පිළිබඳව ඔවුන් දැනුවත් කරන ලදී.

4.      ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ව්‍යාප්ත සහයෝගීතාවයක් පවතී. ඉන්දීය රජයේ “අසල්වැසියා ප්‍රථමයෙන්” යන ප්‍රතිපත්තිය අනුව ඉන්දියාව සහනදායි ණය පහසුකම් ඇතුළු විවිධ අයුරින් ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දී ඇත. ඉන්දියාව මේ දක්වා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, ඉන්ධන, පොහොර යනාදිය සපයා ගැනීම, දුම්රිය මාර්ග සංවර්ධනය, යටිතල පහසුකම්, ආරක්ෂක සහ පුනර්ජනනීය බලශක්තිය යනාදිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4කට වැඩි ණය පහසුකම් ශ්‍රී ලංකාවට ලබා දී ඇත.

***

කොළඹ

2023 මාර්තු 11

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan