*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

තෝරන්නෙ යවන්නම ද?

ජුනි 4 – 7 දක්වා දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම සහ ජූලි 12 – 16 තායිලන්තයේ පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන ශ්‍රි ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීම සඳහා පවත්වන තේරීම් තරග මාර්තු 20 සහ 21 දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇත.

මීට පෙර ද ආසියානු යොවුන් තේරීම් තරග පැවති අතර ඉන් තරගාවලි නියෝජනය සඳහා තේරී පත් වූ ක්‍රීඩකයන්ගේ සහභාගි විම මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක ඇත.ඒ ක්‍රීඩා අමාත්‍යංශය ඔවුන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට මුදල් නැති තත්ත්වයක පසුවන බැවිනි.

සාමාන්‍යයෙන් ක්‍රීඩාං පරිපාලන ඒකකයක් භාර ගන්නා නිලධාරීන්ට එම ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් මුදල් සොයා ගැනීමේ වගකීමක් සහ යුතුකමක් තිබිය යුතුය.නමුත් ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය බොහෝ විට සිඳු නොවන අතර ඇතැම් ක්‍රීඩා පරිපාලන තමන්ගේ ජාතික තරගාවලිය පවත්වන්නට ද ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් ඉල්ලන තත්ත්වයක් දැකිය හැකිය.මේ හුරුපුරුදු කර ගත් ක්‍රමය වෙනස් විය යුතු වුව ද රටම දැඩි අර්බූදයක පවතින මොහොතක රටේ ක්‍රීඩාවේ ගුණාත්මක භාවය ආරක්ෂා කිරීමේ වගකීම ක්‍රීඩා අමාත්‍යංශය භාර ගත යුතුව ඇත.
ආසියානු ක්‍රීඩා උළෙල මෙන්ම ඔලිම්පික් උළෙල ද ආසන්නයේ පවතින බැවින් රට නියෝජනයට වැඩි අවස්ථාවක් ඇති මලල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට ඇති මාර්ග විවර කර දීම මේ මොහොතේ මලල ක්‍රීඩාවේ නොව සමස්ත ලාංකේය ක්‍රීඩාවේ ද වගකීමයි.ඒ නිසා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශය එක්ක ආසියානු මලල ක්‍රීඩා සුරතාවලිය සහ කණිෂ්ඨ සූරතාවලිය යන තරග ඉසව් දෙක සම්බන්ධයෙන් තරගාවලිය පැවත්වීමට සාකච්ඡා කිරිම වැදගත්ය.

මෙවැනි තරගාවලියකට සුදුසුකම් ලැබුව ද සංගමයකට සම්මේලනයකට වියදම දරන්නට බැරි තත්තවයට පත් වි තිබෙන රටක මලල ක්‍රීඩාවේ නියැලෙන දක්ෂ ආර්ථික වශයෙන් අපහසුකම් ඇති ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවක්ට මුදල් හොයා ගැනීම වැනි දෙයක් ඉතා දුෂ්කර කාර්යයක් වනු ඇත.ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව සුදුසුකම් ලැබීමෙන් ඉනික්බිතිව ඔහුව හෝ ඇයව හිඟමනේ යැවීමේ ක්‍රමයකට නොයාම ජාතික වගකීමක් කොට සැළකිය යුතුය.සුදුසුකම් ලැබීමට දක්වන දක්ෂතාවය පදක්කමක් දිනා ගැනීමේ තත්ත්වයට ඔසවා තැබීම වෙනුවෙන් මෙහෙයවීමට කටයුතු කළ යුතු අතර ඔවුන් ඒ සඳහා වැය කළ යුතු කාලය හිඟමනට යොමු කර දක්ෂතාවයන් පහත වැටෙන තත්ත්වයට පත් කිරීම රටක ක්‍රීඩාවේ ජාතික වගකීම නොවන බව ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයද අවබෝධ කර ගත යුතුය.
තත්ත්වය එබඳු නම් තේරීම් තරගවලට කාලය වැය කර දක්ෂයන් අසරණ නොකර සිටිම වඩා වැදගත් වන අතර සංචාරයට සුදුසුකම මුදල්නම් ගුවන් ටිකට් සහ නවාතැන් පහසුකම් සඳහා යන වියදම් ගණන් බලා එය ඉටු කර ගැනීමට හැකි පිරිසක් තරගාවලියට යොමු කර,මේ රටේ දක්ෂතාවයන් සහිත ප්‍රජාවට තම දක්ෂතා අනුව ජයගත හැකිව තිබූ ක්‍රීඩාවේ ඉඩ ද වසා දැමීම යහපත්ය.තරගාවලිය පවත්වා දක්ෂතා දැක්වීමෙන් පසුවද එම ඉඩ වසා දැමීම මුදල් ඇති අය තරගාවලියට එක් කරනවාටත් වඩා තුච්ඡය.

නිෂ්මන් රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan