*
Friday, March 29, 2024
spot_img

Latest Posts

ත්‍රිත්ව ශතකයක අනාගත වාක්‍යය ලියමු!

කෞශිනි සේරම්

ඇය ගැන ලියන්න ඇගේ දිගු නමේ මේ කොටස හොඳයි කියලා මට හිතුණෙ ලංකාවෙ ක්‍රිකට් එක්ක සේරම් කියන නමට තියෙන ඓතිහාසික වටිනාකම නිසයි.ජාතික මට්ටමෙන් ක්‍රිකට්වලට සම්බන්ධව සේරම් කියන නම ඉන්දික සේරම්ට එනකම්ම කියැවුණා.ඒ 1900 එළැඹි මුල් කාලයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් (එවිට සිලෝන්) නායකයා වූ ෆ්‍රෙඩ්රික් ද සේරම් ගේ සිට ඉදරියට ආපු නාමාවලියක්.ඇයටත් එහෙම ක්‍රීඩිකාවන්ගේ ක්‍රිකට්වල දුරට යන්න පුළුවන් ගමණක ලකුණු පේන්න තියෙනවා.

සමහර අයෙක්ට එදරිසූරිය මොහොට්ටිලාගේ කෞශනී නෘත්‍යාංගා සේරම් සෙනවි රත්න කියන දිග නම කෞශනී සෙනවිරත්න කියලා කෙටි කරගන්නත් පුළුවන්.ඒසේම ඇය නෘත්‍ය චලනයන් පාමින් පිතිකාරිනියක ලෙස පි හසුරුවන අයුරුත්,කඩුල්ල පිටුපස සිට නෘත්‍යමය විලාශයන් පාමින් සිය වගකීම ඉටු කරන අයුරුත් සළකා කෞශනිගේන පසුව ඇයට නෘත්‍යාංගා යන නම යොදන්නත් පුළුවන්.

පන්දු 133 ට ලකුණු 334 ක්.හයේ පහරවල් 19 ක් සහ හතරේ පහර 52 ක්.
මේ දේවල් පියවි ඇහැට නොදැක තීරණය කරන්න අමාරුයි.ක්‍රීඩා පිටියේ තත්ත්වය, ප්‍රමාණය මේවත් බලපානවා.ඒ වගෙම ප්‍රතිවාදී කණ්ඩායමේ ස්වභාවයත්.හැබැයි මොන තත්ත්වයක හරි පන්දු 133 ක් කඩුල්ලේ නොදැවී ඉන්නවා කියන එක සහ ඒ ඉන්න වෙලාව අතුළත ලකුණු 374 ක් ලබා ගන්නවා කියන එක පහසු දෙයක් නොවන බව ස්ථීරයි.

ඒ වගෙම කණ්ඩායමේ ආරම්භක පිතිකරු වගකීම පැවරෙන්නෙ ඇයට ඇය පිතිකාරිණියක් නිසාමයි.ඒ වගේම පසුගිය කාලය පුරා ඇය දැක් වූ දක්ෂතා නිසා මේ වන විට ඇය අනාගත බලාපොරොත්තු සහිතව නම් කර තිබෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක්.එපමණක් නෙමෙයි ඇය මෙවර කාන්තා සය සාමාජික ක්‍රීඩා සමාජ තරගාවලියෙදි ඒස් කැපිටල් කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා සහ යුද හමුදා කණ්ඩායම් පරාජය කරන්නට දක්වා තිබෙන දක්ෂතාත් සැළකිල්ලට ගත යුතුව තිබෙනවා.

ඒ නිසා ඇය අනාගතය වෙනුවෙන් රටට වටින ක්‍රීඩිකාවක් බවට තීරණය කරන්නට ලකුණු 374 ක වඩා බොහෝ දේවල් දකින්න තිබෙන ක්‍රීඩිකාවක්.විශේෂයෙන්ම ඇය ආරම්භක පිතිකාරිනියක ලෙස දක්වන දක්ෂතා හා සමානවම මේ වන විට කඩුලු රැකීම අතින් බොහෝ ඉදිරියෙන් සිටීමත් අතිශයින් වැදගත් කරුණක්.
අද වන විට කාන්තා ක්‍රිකට් කේෂ්ත්‍රයේ දක්ෂයන් ගැන කතා කරන විට ඉදිරියෙන්ම ඉන්න චමරි අතපත්තු වගේම ජාත්‍යන්තර වශයෙන් ඇගයිමක් ලැබූ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධනත් කෞශිගේ කැමතිම ක්‍රීඩිකාවන් වෙනවා.කව්වා නමින් කණ්ඩායම් සඟයන්ගේ සහ ශ්‍රී ලංකා කාන්තා කාන්තා ක්‍රිකට් කේෂ්ත්‍රයට සම්බන්ධ අය අයගෙන් ආදරය ලබන්නී පියවරෙන් පියවරට බැඳී බොහෝ සිහින පොරවා ගෙන සිටින්නීය.

කොටහේන රෝමානු කතෝලික බාලිකාවෙන් ඇය ක්‍රිකට් ක්‍රීඩාවට අත් පොත් තබද්දී මුලින්ම මඟ පෙන් වූයේ රන්දිකා ගල්හේනගේය.පසුව ඇය ක්‍රිකට් මතින්ම අනුලාවට සේන්දු වුවාය.එහිදි පුහුණුකරු භූමිකාවේ නම ගිය දිනේෂ් වීරසිංහ සමඟ ලලන්ග රාජපක්ෂගේ මඟ පෙන්වීම ලබන්නට ඇයට අවස්ථාව උදාවන්නීය.දිනේෂ්ගේ සොහොයුරු මහේෂ් ද විටින් විට ඇයගේ ක්‍රිකට්කරණය ඔප මට්ටම් කරන්නට මඟ පෙන්වන්නේය.දැන් ඇයට ජාතික මට්ටමේ අනාගතය වෙනුවෙන් සැකසි මාවතේ මඟ පෙන්වන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්නය.මේ සියල්ල නැවත නැවත සළකද්දි කෞශිනී ගේ ලකුණු 374 අහම්බයක් නොවන බව පැහැදිළිය.

පළමු පෙළ ක්‍රකටි පිටියට දැනටමත් පිවිස ඇති කෞශි කෝල්ට්ස් කණ්ඩායමේ සබඳතාවය ද සිය ක්‍රිකට් නැග්මේ ශක්තිමත් පදනමක් කර ගත්තාය.අද ඇය එස් කැපිටල් හී කඩුල්ල පිටුපස ශක්තිය වන්නට තීරණය කර ඇත.ඔවුන් ද කව්වාට කඩුලු රැීමේ ආවරණ සමඟ සිය කණ්ඩායමේ ඉණිම අරඹන්නට ද භාර දී ඇත.මේ වසර අවසාන වන විට පාසල් ජීවිතයට සමු දෙන්නට නියමිත කෞශිනි හෙට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුවිශේෂ තරුවක් වන්නට ඇති ඉඩ බොහෝය.
වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සහ එක් වැඩිමහල් සොහොයුරෙක්ට පසුව අනුරාධා ප්‍රියදර්ශණි සහ උජිත් මංජුලගේ කැදල්ලට පැමිණෙන බඩ පිස්සිය වූ කෞශනීගේ ක්‍රීඩා කුසලතාවලට වැඩිම පෙළඹීම එන්නේ මවගෙන්ය.ඇය පාසල් සමයේ බොහෝ ක්‍රීඩාවන්හී නියැලුණු තැනත්තියකි.තාත්තා ද මලල ක්‍රීඩකයෙක්ය.මේ ක්‍රීඩා හුරුව කව්වාගේ ලොකු අක්කා ඩිල්කි ඉමල්ෂා මලල කීඩාව කෙරෙහි යොමු කරන්නට සමත් වූවාය.අයියා චමෝත් නවෝද්‍ය කුඩා කළ සිටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.පොඩි අක්කා අමන්දිමා තාරුණ්‍යයා ක්‍රීඩාව කෙරෙහි යොමු නොවුණ ද අදටත් සිය නැගණියගේ ගමනට හැකි සහය දෙන්නීය.පවුලේ ක්‍රීඩාවට මිතුරු සබඳකම් රටට වටිනා ක්‍රිකට් ක්‍රීඩිකාවකට මාවත විවර කර ඇත.

අනුලාවේ විදුහල්පතිතුමිය සහ ඇඳුරු මඩුල්ල ද, කණ්ඩායම් නායිකා හෂිනි ලියනගේ ඇතුළුව සියලුම සහෝදර ක්‍රීඩා කැළත් කව්වා ගේ අසළින්ම රැඳී දිරි දෙන්නෝය.තරගාවලිය අරඹමින් පළමු තරගයේදීම වාර්තාගත ත්‍රිත්ව ශතකයක් ලබා ගත් කව්වා මේ තරගාවලිය හමාර වන්නට පෙර සිය නම ඉදිරියේ තවත් ශතක සටහන් තබා ගන්නට සිහින දකින්නිය.ඊ ළඟ තරඟය මොරටුව වේල්ස්කුමරි ය සමඟය.ඉදිරියට තවත් තරඟ ගණනක්ය.ඒ බොහෝ තරඟවලදී ප්‍රතිවාදීන්ට කව්වාගේ පිත්තෙන් මෙන්ම කඩුල්ල පිටුපස ඇති සුරක්ෂිත දෑතෙන් ද,සැනින් ක්‍රියාකාරිවිමේ හැකියාවෙන් ද රැකෙන්නට සිඳුවනු ඇත.

ලංකාවේ ක්‍රිකට් යනු පිරිමි ආධිපත්‍යයට යටත් එකක් බඳුය.පිරිමි කණ්ඩායමේ බිඳ වැටීම ගැන බොහෝ දේ ලියැවෙන්නේය.එහි සමස්තයේ එකි දිගුවකි.මේ වන විට ක්‍රියාත්මක ලෝක කුසලාන තරගයට හෝ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැත.ආසියාවෙන් බංගලාදේශය,පකිස්තානය,ඉන්දියාව කීඩා කරන එම තරගාවලියෙන් අප විසි වි ඇත.චමරි අතපත්තුගේ හයේ පහරවලින් ඇයට හිමිවන ලෝක පිළිගැනීමෙන් කාන්තා ක්‍රිකට් මේ මොහොතේදී තෘප්තියේ සීමාව සළකුණු කොට ඇත.ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන ඊට එහා ගිය මතයක් වැඩිම මුණ ගැහෙන්නේ නැත.

කලකට පෙර ලෝක කුසලානයක දී ශෂිකලා,චමරි,යශෝධා,ලොකුසූරිය වැනි අය පෙන් වූ දස්කම් ඉතාමත් සුළු කාලයකින් සිදි ගොස් ඇත.ඒවා තව දුරටත් පෝෂණය කරන්නට වැඩි පිළිවෙලක් නැත.කෞශිනී වැනි ක්‍රිඩීකාවන්ට ජාතික කණ්ඩායමට එන තෙක් ජාත්‍යන්තර අත්දැකීම් ඉගෙන ගන්නට පාරක් නැත.දේශිය පිටිය සහ ජාත්‍යන්තර පිටියේ පරතරය පියවා ගැනීමට අවශ්‍යය අත්දැකීම් මේ ක්‍රීඩිකාවන්ට ලබා දෙන්නේ කෙසේද?ඒ ගැන හරි අවබෝධයකින් කටයුතු කරන්නේනම් කව්වා යනු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සුරතල් නමක් පමණක් නොවන්නට බොහෝ ඉඩ ඇත.ඇය ලෝකයම දන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවක වනු ඇත.එහෙත් ලෝකයම සළකන චමරි වැන්නියක් මතින් පමණක් ගොඩ යන්නට කණ්ඩායමකට ජාත්‍යන්තර පිටියේ අපහසු බව දැන් හැඟෙමින් දැනෙමින් ඇත.ඒ නිසා අලුතින් කණ්ඩායමට එක් වී සිටින දක්ෂතා මතු කරමින් සිටින පිරිස සහ කෞශනී වැනි පිරිසිට අත්දැකීම් ලබා ගන්නට හැකි ජාත්‍යන්තර පිටියක් සකස් කර දෙන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් හි අවධානය යොමු විය යුතුව ඇත.

කාන්තා ලෝක කුසලානය ද ලෝකයම අභිබවා දිනිය යුතු එකකි.එහි ගෞරවයේ පරිමාව සුළු නැත.ඒ නිසා ලෝකය ජයගත හැකි කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවක් ස්ථාපිත කරන්නට අනාගතය සැකසීමේ ශක්තිමත් කිරීමේ වැඩ පිළිවෙලකට ශ්‍රී ලංකා ක්‍රිකට් පිවසෙන්නේනම් කෞශනි වැනි ක්‍රීඩිකාවන් තව දුරටත් සිය නම ලියවන්නට අකුරු වෙහෙසවනු නො’අනුමානය.ඒ සඳහා පෙනෙන්නට දකින්නට නැති නිසි වැඩ පිළිවෙල පත්ඉරක් සේ ශ්‍රී ලංකා ක්‍රිකට් මත පැහැදිළිව දිග හරින්න.එහි කෞශනි වැනි අයගේ දක්ෂතාවයන් හී අනාගත වාක්‍යය සුපැහැදිළිව – විජයග්‍රාහීව ලියනු ඇත.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan