ගෑස් නෞකා සති‌ දෙකක් තිස්සේ මුහුදේ – ගෑස් බෙදාහැරීම සම්පූර්ණයෙන් අත්හිටුවයි

Date:

රටතුල ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් ගෑස් පිරවීමේ හා බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති බව ගෑස් සමාගම් පවසනවා. මීට දින 06 කට පමණ පෙර ගෑස් මෙට්‍රික් ටොන් 30,000 ගොඩබා ඇති අතර එම ගෑස් තොග දින දෙකක් තුළ බොදාහැර අවසන් කර තිබෙනවා.

මේ වනවිට රටපුරා දැඩි ගෑස් හිගයක් පවතින අතර ඇතැම් ප්‍රදේශවල ජනතාව දින ගණන් පෝලිම්වල සිටී.

සති දෙකකට පමණ ඉහතදී ශ්‍රී ලංකාව වෙත ලඟා වූ ගෑස් තොග සහිත නෞකා දෙකක් ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙන නමුත් තවමත් ගෑස් ගොඩබෑමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි වී තිබේ. ගෑස් තොග ගොඩබෑම ආරම්භ කිරීමට පෙර ණයවර ලිපි නිකුත් කළයුතු වන නමුත් ඒ් සඳහා අවශ්‍ය ඩොලර් මේ දක්වා නිකුත් කර නොමැති බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

ගෑස් නොමැතිවීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව පමණක් නොව ආපනශාලා ඇතුළු ව්‍යාපාර කටයුතු සිදු කරන පුද්ගලයන්ද දැඩි දුෂ්කතාවලට මුහුණ දී සිටින අතර බොහෝ ආපනශාලා මේ වනවිටත් වසාදමා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ නායේ යෑම් වලින් මිය ගිය ගණන 11 දක්වා වැඩි වෙයි. තවත් 07ක් අතුරුදහන්!

කොළඹ LNW:පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන...

ඉම්රාන් ගැන සැක සහිත අවාසනාවන්ත පුවත් පැතිරෙන රාවල්පිණ්ඩි හී දී සටන් වදින්නට වී තිබෙන ශ්‍රී ලංකාව..

නිශ්මං රණසිංහ නොවැම්බර් 27, කොළඹ LNW: පකිස්තානයේ පැවත්වෙන පකිස්තානය,ශ්‍රී ලංකාව...

දඬුවමට ලකුණු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 27, කොළඹ LNW : ඔන්ලයින් දඩ ගෙවීමේ...