යම් රාජ්‍යයක් සංවර්ධන කරා රැගෙනයාම සිදුවිය යුත්තේ එකී රජ්‍යය හැකි උපරිමයෙන් ගෝළීය ආර්ථික ක්‍රියාවලියක් හා බද්ද කිරීමෙන් මිස උක්ත රාජ්‍යය ව්‍යාජ ස්වයංපෝෂිත ෆැන්ටසි දූපතක හුදෙකලා කිරීම තුලින් නොවේ. නමුත් බන්ඩාරනායක විසින් සිංහල බාෂාව රාජ්‍ය බාෂාව කළ තැන් සිට මහින්දගේ ආසියාවේ ආශ්චර්‍ය් දක්වාම පාලකයන් විසින් එක දිගට ග්‍රාම්‍ය ජන මනසට ගොං ආතල් දීම සඳහා අනුගමනය කරන ලද දූපත්වාදී වංචනික ක්‍රියාපටිපාටිය නූතන අර්බූදයට ඝෘජුවම හේතුවී ඇති බව පැහැදිලි සරළ සත්‍යයකි.
එදා සිංහල බාෂාව රාජ්‍ය බාෂාව කල බන්ඩාරනායක මහජනතාව අමතා ප්‍රකාශ කලේ නුදුරු අනාගතේදී සුද්දන්ට ලංකාවේ ආර්ථිකය සමඟ ගනුදෙනු නොකර සිටිය නොහැකි තත්වයක් නිර්මාණය වන බැවින් සමස්ථ බටහිරයන්ටම සිංහල බාෂාව හැදෑරීමට සිදුවන බවය. එදා ඒ බණ්ඩාරනායකගේ ඒ ප්‍රකාශය දහස් ගනනක මේ දූපතේ මිනිසුන්ගේ ප්‍රසංසාවට බාජනය විය. එදා ඔහු ඒ ප්‍රකාශය කරන විට ඔහුගේ වේදිකාව අබියස සිටි මිනිසුන් එක දිගට දිගුවේලාවක් අත්පොලසන් හඬ නැගූබව සඳහන්වේ. නමුත් අන්තිමේදී සිද්ද උනේ සුද්දට සිංහල ඉගෙන ගන්ට සිද්ද උන එක නෙමේ, අපිට අපෙ “සිංහල” ත් එක්කම ලෝකෙන් වඳවෙලා යන්ට සිද්ද වෙච්ච එක ය.
අවවර්ධිත ධනවාදය තුල අපේෂා බංගත්වයකට පැමිණි ශ්‍රී ලාංකිකයාට අර්බූදය ඇත්තේ තමා තුලම යැයි සිතනවාට වඩා සුද්දාගේ ධනවාදය ලංකාවට නාවේ නම් තමන් වෙනුවෙන් විකල්ප සුන්දර අනාගතයක් මෙහි නිර්මාණය වීමට ඉඩ තිබින යැයි සිතන ආත්ම වංචාව ඔවුන්ට සහනයකි. මෙහිදී ඔවුන්ට එකී පොරොන්දු දේශය ලබාදීමට සපත කරන ගෝත්‍ර හොරදෙටුවන්ට ඔවුන් ඉතා පහසුවෙන් චුම්බනය වීම සොබාවික සන්තිතියකි.
අවම වශයෙන් උක්ත ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට නම් පිටත දියුණු ලෝකයේ තාක්ෂණ සහය සහ මුල්‍ය සහය අනිවාර්ය සාධකයක් බව දැන් හෝ පොදු ජන මනස වටහාගෙන නැත. දැනුදු ඔවුන් විස්වාස කරන්නේ බංකොලොත් බාවයේ හේතුව පවතින්නේ තමා තුල නොව පිටත බලවේග තුල ලෙසිනි.
ලාංකීය ග්‍රාම්‍ය ජනමනසට අනුව I.M.F. සහ ලෝක බැංකුව වැනි තැන් යනු අර්බූදයේ වග උත්තරකාර සතුරන් මිස අර්බූදය විසඳාගැනීම සඳහා තාක්ෂණ හා මුල්‍ය සහය ලබාගත යුතු තැන් නොවේ. දශක ගනනාවක් තිස්සෙ පාලකයන් විසින් සිංහල බාෂාව රාජ්‍ය බාෂාව කිරිම වැනි නරිනාටක හරහා ජනතාවට ගොං ආතල් දුන්නෝය. ජනතාවද නැවතනැවතත් මේ වර්ගයේ පාලකයින්ටම බලය ලබා දෙමින් එකී ගොං ආතල් වින්දෝය. දශක ගානක් තිස්සෙ සිදුවූ මේ ක්‍රියාවලිය තුල ජනමතයේ ඝනීබූතවූ මේ ගෝත්‍ර අදහස් පද්දතිය වර්තමාන අර්බූදය විසඳාගත නොහැකි වන පරිදි පුරවැසි චින්තනය තුල බියකරු ලෙස බල පැවැත්වෙයි.
උක්ත පසුබිම තුල දීර්ඝ කාලයක් තිස්සේ අර්බූදය නිර්මාණය වීමට බලපෑ පොදු ජන විඥ්ඥානයම නැවත අර්බූධයෙන් ගොඩ ඒමට පවතින ප්‍රධානම බාදකය වීමද සොබාවික තත්වයකි. මෙහිදී කවුරුත් පිලිනොගන්නා තත්‍ය අර්බූදය ඇත්තේ විනිමය උපයන මාර්ගවල ඇති අන්ත නොදියුනු බව තුලමය.
පනස් ගනන්වල පටන් ගත් බන්ඩාරනායකගේ පාලන කාලය තුල හෝ බන්ඩාරනායකගේ ඇවෑමෙන් ඇතිවූ සිරිමා + වමේ හවුල් පාලනය තුල හෝ කිසිදා කිසිවිටෙකත් යාවත් කාලීන නොවූ විදේශ විනිමය උපයන මාර්ග ප්‍රාතමික විදියට හෝ යාවත්කාලීන වූයේ හැත්තෑ හතෙන් පසුවයි. එයද ගෝලීය ශ්‍රම වෙළඳපොලට නුපුහුණු ශ්‍රමය සපයන මැදපෙරදිගට කාන්තා ගෘහ සේවය සහ බටහිර නිමි ඇඳුම් වෙළඳපොල ඉලක්ක කරගෙන කල ඇඟළුම් කර්මාන්තයට ප්‍රාතමික කාන්තා ශ්‍රමය සැපයීම හරහාය.
නමුත් හැත්තෑ හතෙන් පසුව මේ දක්වාම (අවම වශයෙන්) රටට විනිමය උපයන එවන් ප්‍රාතමික ශ්‍රමිකයන් පුහුණු ශ්‍රමිකයන් දක්වා ඉහලට එසවීමට හෝ කිසිදු ක්‍රියාමාර්ගයක් පාලකයින් විසින් ගෙන නොමැත. ඒ වෙනුවට රටට විනිමය ඉපයූ මේ ශ්‍රමිකයන් ගේ ජීවන තත්වය අන්ත පහලට ඇදවැටෙන තුරු නිශ්චලව බලා සිටීම පමණක් පාලකයින් විසින් සිදුකර ඇත.
අනෙක් පැත්තෙන් රටේ ජනතාවද ඇඟළුම් හා මැදපෙරදිග ගෘහ සේවය වගේ රැකියාවල් දෙස බැලුවෙත් අවඥ්ඥා සහගත ලෙස සහ ඒවා අපට නොගැලපෙන පහත් රැකියාවල් ලෙසය. රට ගොඩනගන ඓතිහාසික විකල්පය විදියට ජනතාවයි පාලකයොයි දෙගොල්ලම දැක්කේ ලංකාව නැවත පෙරදිග ධාන්‍යාගාරයක් කරනවා වගේ රොමෑන්ටික් වැඩ ය. හැබැයි ඒ සඳහා විදේශ ආයෝජකයන් එනවට කැමති උනෙත් නෑ, ඒ සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණය කරනවාටත් කැමති උනේ නෑ.
එතනදි ඔවුන් තනි තනි ගොවීන් ගාව තිබුන අක්කරේ එකහමාරේ පාඩුපිට කරගෙන ගිය කුඹුරු කෑලි වලින් තමා පෙරදිග ධාන්‍යාගාරය හදන්ට ගියේ.. අන්තිමේදී උනේ මැදපෙරදිග ගිය කාන්තාවන් ඉපැයූ විනිමය ටිකයි ඇඟළුම් කාන්තාවන් ඉපැයු විනිමය ටිකයි මේ ධාන්‍යාගාර ෆැන්ටසියට ගෙවපු පොහොර වන්දිය විදියට දියවෙලා ගිය එක.
තවත් පැත්තකින් රට තුලට තාක්ෂණය සහ ධනය රැගෙන පිටතින් පැමිණෙන ආයෝජකයන් දෙස අපේ රටේ ජනයා සහ වාම දේශපාලන බලවේග බැලුවේ හරියට මුහුදු මංකොල්ල කාරයෝ කොටසක් දෙස බලන අක්ෂියකින්. රට තුල ආයෝජනය සඳහා ධනය නැති සහ තාක්ෂණය හා ගෝළීය වෙළඳපොල ගැන ලාංකිකයන් තුල අවබෝධයක් නැති සංධර්බයක් තුල ආයෝජකයින්ට එරෙහි මේ මෝඩ විරෝධය රට වලපල්ලට රැගෙන නොගියේ නම් ඇත්තෙන්ම එය පුදුමයකි. මේ පසුබිම තුල සිදුවූයේ ලංකාවට පැමිණීමට ප්‍රථම ලංකාව තුල පවතින සමාජීය දේශපාලන පසුබිම නිරීක්ෂණය කල ආයෝජකයන් පිස්සු ලංකාව මඟහැර කලාපයේ වෙනත් රටවල් කරා පිටව යෑමය.
බන්ඩාරනායකගේ “සිංහල පමණයි” ජාතිවාදය තුලද මහින්දගේ “ගෝත්‍ර මහරජ” බූමිකාව තුලද ජනතාවගේ පෙරදිග ධාන්‍යාගාර ෆැන්ටසි තුලින්ද උත්කර්ෂයට නැංවෙන්නේ අතීතයේ අප සතුව පැවති නමුත් බටහිරයන් නිසා නැති වූවායැයි සමපේක්ෂනය කෙරෙන ජාතියේ ධීරවීර අධ්‍යාත්මික සාරයයි. නමුත් ඇත්ත වශයෙන්ම මේ සාරය යනු අන් කවරක්වත් නොව ඕනෑම ගෝත්‍ර ප්‍රජාවක් තුල ස්වකීය ගෝත්‍ර සාරය අහිමි වෙතැයි යන බිය නිසා ඇතිවෙන ගෝත්‍ර මනෝ බිරාන්තයකි.
රටක් තුල ධනේශ්වර ප්‍රතිසංස්කරණ සිදුවීමට නම් එරට සිටින (මුල් පදිංචි) ජනයා ඔවුන්ගේ ඉපැරැණි අධ්‍යාත්මික සහ සංකෘතික සංචිතයන් යම් තාක් දුරකට හෝ අතහැර දැමීමට සූදානම් විය යුතුය. නමුත් ලාංකීය ප්‍රජාව ඒ වෙනුවට කලේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ දුටු සැනින් පැරණි වැඩවසම් සංකෘතික ගූඩ ම්ලේච්ඡත්වයන් තව තව ඇඳවැලඳ ගැනීමය.
මොනයම් හෝ දහං ගැටයක් දමාගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ජාත්‍යන්තරයෙන් ණය ටිකක් ලබාගෙන අර්බූදයට පැලැස්තරයක් දමාගත හැකිවනු ඇත. නමුත් ඔහුට මේ මහජන ප්‍රවාහය බිඳගෙන උඩුගම් බලා පීනායමින් අර්බූදය තරණය කලහැකිවේයැයි විස්වාස කල නොහැකිය. මන්ද ඔහුට මීට වැඩි දේශපාලන බලයක් හිමිව තිබූ පෙර අවස්තාවල පවා ඔහුගෙන් එකී සක්‍යතාවය ඉස්මතු නොවූ හෙයින්. ඔහුගේ වොක්ස්වැගන් ව්‍යාපෘතියද අවසානයේ පුස්සක් වූ හැටි අපට මතකය.
අවසාන වශයෙන් පැවසිය හැක්කේ අර්බූදය තරනය කල නොහැකි අතිමූලික වෛශයික හේතුව පවතින්නේ දූපතේ බහුතර ජනයා සතුව ඇති දූපත් කේන්ද්‍රීය ගෝත්‍ර මනස තුල බවයි. මෙහිදී ඔවුන්ට නායකයන් ලෙස හමුවන්නේද ඔවුන් විසින් නායකයන් ලෙස පත්කර ගන්නේද ඔවුන්ට දූපත්වාදී ගොං ආතල් දෙන කපටි චෞරයන්මය.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN