*
Sunday, September 8, 2024
spot_img

Latest Posts

වසර 4 කට පසු සහරාන්ගේ බිරිඳට දැඩි කොන්දේසි යටතේ ඇප

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්වය දුන් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකු වූ සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා හාදියා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කල්මුණේ මහාධිකරණය ඊයේ (15) නියම කළේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන සිටි ඇය වසර 4ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් රක්ෂිත බන්ධනාගාරයේත් රඳවා තැබිණි. ඒ, පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට හෙළි නොකිරීමේ චෝදනාව යටතේ ය.

ඇයව රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ඊයේ දිනයේදී අධිකරණය නියෝග කළ අතර ඇයගේ විදෙස් ගමන් තහනම් කිරීමටත් සෑම මසකම අවසන් ඉරිදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමටත් නියම කරන ලදී.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan