*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

හරක් කටා සහ කුඩු සළිඳු මෙරටට රැගෙන ආ රහස් මෙහෙයුමේ ඇත්තම කතාව

මැඩගස්කරයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබුණු මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ සළිඳු මල්ෂික හෙවත් කුඩු සළිඳු ඊයේ (15) උදෑසන මෙරටට රැගෙන එනු ලැබිණි.

මැඩගස්කරයේදී කොටුවුණු මෙම ප්‍රබල මත්ද්‍රව්‍ය සහ පාතාල සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ආ සංකීර්ණ මෙහෙයුමේ තොරතුරු අපට ආරංචි වන පරිදි මෙසේ ය.

ධන කුවේරයින් ලෙස පෙනී සිටිමින් හරක් කටා සහ කුඩු සළිඳු ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් පිරිසක් පුද්ගලික ජෙට් යානයකින් මැඩගස්කරයට පැමිණ ඇත්තේ පසුගිය පෙබරවාරි 28 වනදා ය. මාර්තු 02 වනදා ඔවුන් එහි සිට නැවත ඩුබායි බලා පිටත්ව යාමට ගිය අවස්ථාවේදී මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබිණි.

මෙම පිරිස අතර නඳුන් චින්තකගේ බිරිඳ බව කියන විදේශික කාන්තාවක්, ඇගේ පියා බව කියන පුද්ගලයෙක් සහ තවත් ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු සිට ඇත.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම පාතාල නායකයින් වන හරක් කටාට සහ කුඩු සළිඳුට එරෙහිව ඉන්ටර්පෝල් ලෙස හැඳින්වෙන ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ක්‍රියා කර තිබිණි. ඒ අනුව රතු වරෙන්තු ලබා ඇති ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මැඩගස්කරයට ඇතුළු වී ඇති බවට ඉන්ටර්පෝල් ආයතනය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ පෙබරවාරි 28 වනදා පස්වරු 3.00 ට පමණ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියා ඒ මොහොතේම මේ බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දැනුම් දී ඇති බව සඳහන්. ඒ අනුව ටිරාන් අලස් මහතා වහාම අදාළ නිලධාරීන් කැඳවා මෙම පාතාල නායකයින් පිළිබඳ තොරතුරු විමසා ඇත. ඉන් අනතුරුව පැයක් ගතවෙද්දී CID ය විසින් මෙම අපරාධකරුවන් දෙදෙනා පිළිබඳ තොරතුරු ඉන්ටර්පෝල් ආයතනයට සහ මැඩගස්කර් ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ප්‍රධානතම පුද්ගලයින් දෙදෙනා බවත් තවත් අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇති බවත් ඔවුන් මෙසේ ඊමේල් පණිවිඩයක් මගින් දන්වා ඇති අතර සැකකරුවන් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් ද විමසා ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

තවත් පැය දෙකක් ගතවන විට එම ඊමේල් පණිවිඩයට මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් ප්‍රතිචාර දක්වා ඇති අතර එතැන් සිට ඔවුන් මෙම වරෙන්තුකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් දිගටම විමසිලිමත්ව සිට ඇත. නැවත වතාවක් මාර්තු 01 වනදා මැඩගස්කර් ආරක්ෂක අංශ මොවුන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ප්‍රමාණයක් CID යෙන් ඉල්ලා තිබෙන අතර CID ය ඒ මොහොතේම එම තොරතුරු ඔවුන් වෙත ලබාදී තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඒ වනවිට මේ සම්බන්ධ සියලු තොරතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබුණු අතර රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාට සහ පොලිස් විශේෂ කාර්ය බලකා ප්‍රධානියාට ද විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දී ඇත. එමෙන්ම මෙහෙයුම සාර්ථක වනතුරු මේ පිළිබඳ තොරතුරු කිසිවක් මාධ්‍ය වෙත හෙළිවීමට ඉඩ නොතබන ලෙසත් අමාත්‍යවරයා CID ය ඇතුළු අදාළ නිලධාරීන්ට නියෝග කර තිබුණු බවත් සඳහන්.

ව්‍යාජ පාස්පෝට් භාවිතා කරමින් මැඩගස්කරයට ඇතුළු වීමේ චෝදනාව මත හරක් කටා සහ කුඩු සළිඳු අත් අඩංගුවට ගත් බවට මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත්තේ මාර්තු 02 වනදා සවස 6.00 ට පමණ ය. තවත් පැය කිහිපයක් හෝ ප්‍රමාද වුණි නම් ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට නොහැකි වන්නටත් ඉඩ තිබුණු බවත් ඒ වනවිටත් ඔවුන් මැඩගස්කර් පාස්පෝට් සාදාගැනීමට ද උත්සාහ දරමින් සිට ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

වරෙන්තුකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගත් දිනයට පසුදා එනම් මාර්තු 03 වනදා, මේ සම්බන්ධයෙන් මැඩගස්කරයේ සහ ශ්‍රී ලංකාවේ පොලිසි භාර අමාත්‍යවරුන් දෙදෙනා අතර පළමු දුරකථන සාකච්ඡාව පැවැත්වී ඇත. ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කර ඇති හරක් කටා සහ කුඩු සළිඳු ජාත්‍යන්තර නීති යටතේ මෙරටට භාරදීමට මැඩගස්කර් ආරක්ෂක අංශ එකඟතාව පළකර ඇත්තේ එසේ අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ය. අමාත්‍ය ටිරාන් අලස් මහතා සහ මැඩගස්කර් මහජන ආරක්ෂක අමාත්‍යවරයා අතර සාකච්ඡා වට කිහිපයක්ම මින් අනතුරුවත් පැවැත්වී ඇති බවත් වාර්තා විය.

එසේම අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉන්ටර්පෝල් ආයතනයේ ප්‍රධානීන් සමග ද අවස්ථා කිහිපයකදීම දුරකථන සාකච්ඡා පවත්වා ඇති අතර මෙරටින් පැනගොස් සිටින රතු වරෙන්තු ලබා ඇති අපරාධකරුවන් අල්ලා ගැනීම සඳහා උපරිම සහාය ලබාදෙන බව ඉන්ටර්පෝල් ප්‍රධානියා එහිදී සහතික වී ඇති බවත් සඳහන්. සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමේ මෙහෙයුම ආරම්භ වී ඇත්තේ මෙම රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලින් අනතුරුව ය.

ඒ අනුව මාර්තු 11 වනදා CID යේ සහකාර පොලිස් අධිකාරීවරයකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනෙකු මැඩගස්කරය බලා පිටව ගොස් ඇත. ඔවුන් මාර්තු 13 වනදා හරක් කටා සහ කුඩු සළිඳු තම භාරයට ගෙන තිබුණු අතර එදිනම ශ්‍රී ලංකාව බලා පැමිණීමට පිටත්ව ඇත. මෙම අපරාධ සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන එන ශ්‍රී ලාංකික නිලධාරීන් කණ්ඩායම සමග මැඩගස්කර් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද එකතු වී තිබිණි.

මැඩගස්කරයේ සිට කෙන්යාවේ නයිරෝබි හරහා ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපළට පැමිණ, එතැන් සිට ශ්‍රී ලංකාවට පැමිණීම මෙම නිලධාරීන්ගේ සැලසුම වී ඇත. ඒ, මැඩගස්කරය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සිදු නොකෙරෙන නිසා ය.

පොලිස් නිලධාරීන් විසින් හරක් කටා සහ කුඩු සළිඳු නයිරෝබි බලා යන ගුවන් යානයට නංවාගත් පසුව හරක් කටාගේ බිරිඳ බව කියන කාන්තාව ඇතුළු සෙසු පිරිස යළි ඩුබායි බලා පිටව ගොස් තිබිණි. නයිරෝබි බලා යන ගුවන් යානයට ගොඩවීමේදී සැකකරුවන් දෙදෙනා සෑහෙන පොරබැදීමක් කර ඇති අතර ගුවන් යානය තුළදීත් කෑකෝ ගසමින් කලබල කර ඇති බවත් ඔවුන්ව පාලනය කරගැනීම සඳහා ශ්‍රී ලාංකික සහ මැඩගස්කර් නිලධාරීන් කණ්ඩායමට සැලකියයුතු වෙහෙසක් දැරීමට සිදුවූ බවත් වාර්තා විය. ගුවන් යානයෙන් නයිරෝබි බලා එන ගමනේදී ඔවුන් බරපතළ ලෙස බියපත්ව සිට ඇති අතර සිය ජීවිතයට හානියක් නොකරන්නැයි නිලධාරීන්ට ආයාචනා කර ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

කෙසේවෙතත් නයිරෝබි බලා පැමිණි ගුවන් ගමන තරමක් ප්‍රමාද වීම නිසා මුම්බායි බලා මීළඟ ගුවන් යානය පැමිණෙන තෙක් පැය කිහිපයක් නයිරෝබි ගුවන් තොටුපළේ රැඳී සිටීමට මෙම කණ්ඩායමට සිදුව ඇති අතර එම ගුවන් තොටුපළ ආශ්‍රිත ආරක්ෂිත කුටියක සැකකරුවන් දෙදෙනාව රඳවා තබාගෙන සිට ඇත. පසුව ඔවුන්ව ඉන්දියාවේ මුම්බායි කරා රැගෙන පැමිණෙන විට ඔවුන්ව ශ්‍රී ලංකාව වෙත ගෙනයාමට සැලසුම් කර තිබුණු ශ්‍රී ලංකන් ගුවන් යානය පිටව ගොස් තිබී ඇත. ඒ අනුව 14 වනදා දිනය ආරක්ෂිතව මුම්බායිහි රැඳී සිටීමට මෙම නිලධාරීන් කණ්ඩායමට සිදුව තිබිණි. ඒ අනුව ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්නට ලැබුණේ 15 වනදා උදෑසන ය.

ඔවුන්ව මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානය අසලටම ගොස් පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් ඔවුන්ව භාරගෙන විශේෂ පිටවීමේ මාර්ගයක් හරහා ගුවන් තොටුපලෙන් පිටතට ගෙනවිත් CID නිලධාරීන්ට භාරදී තිබුණු අතර විශේෂ ආරක්ෂාවක් සහිතව ඔවුන්ව CID මූලස්ථානය කරා රැගෙන ගොස් තිබිණි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan