අතිශය අසාර්ථක වැඩවර්ජනයක්. අතාරින්න නම් පටන් ගැනීමත් අවශ්‍ය නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

Date:

මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා, ඊයේ දිනයේ වෛද්‍ය සංගම් විසින් සිදුකළ වැඩවර්ජනය පිළිකුල්ළෙන් යුතුව හෙලා දකී. එහිදී ඔහු පැවසූවේ ලියුම් කැබැල්ලට සියල්ල අතහරින සංස්කෘතිය ඉතාම අසාර්ථක බවයි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පිළිතුරු ලබා දුන්නා.

“පසුගිය වසැරේ දෙසැම්බර් මාසයේ දින පහක් මේ වෛද්‍යවරුන් වැඩ වර්ජනය කරා. එත් ලබාගත් ජයග්‍රහණයක් නෑ. මේ වෙද්දී පසුගිය කාලය පුරාවට GMOA එක දින 25ක්‌ පුරාවට ස්ට්‍රයික්‌ කරලා තියෙන්නෙ. ඒත් ඒවා අතාරින්නෙ ලියුම් කෑල්ලට සහ දෙන්නම් කියන කාසියකට.

නමුත් මේ ලෙඩුන් ප්‍රාණ ඇපයට අරන් ඔවුන් අපහසුතාවයට පත් කරන්න එපා. මම කියන්නේ මේ වැඩවර්ජන සෙල්ලමකට හිතන්න එපා. ඒක අද පටන් අරන් හෙට අවසන් කරනවා. හෙට එය අවසාන වෙද්දී අපට තියෙන්න ඕනි මේකේ ජයග්‍රහණය ලබන සැලසුමක්. එහෙම නැතුව වැඩවර්ජන කරන එක ලාභ වෙපන් එකක් බවට පත් කරගන්න එපා.

GMOA එක පසුගිය කාලය පුරා කළ එක වර්ජනයක්, කිසිවක් ජයග්‍රහණය කලේ නෑ. මේ ක්‍රමය කිසිම සංස්කෘතියකට ගැලපෙන්නේ නෑ.

අපි අපේ කුසලතාවන් තුලින් ජයග්‍රහණය ලබා ගත යුතුයි. වැඩවර්ජන කරමින් ලබෙන දෙයක් නෑ.

පාදෙණිය යුගයට පෙර යුගයේ සිටි වෛද්‍යවරු දක්ෂ ලෙස ඉල්ලීම් දිනාගත්තා ඉදිරිපත් කිරීමෙන්. නමුත් අපි වැඩවර්ජන පළමුව ඉස්සරහ ට දාගත්තම හැමෝටම වෛද්‍යවරුන් පිළිබද කලකිරීමක් තියෙන්නේ. මීට වසර 30 ක්‌ තුළ සිටි සියලු සෞඛ්‍ය අමාත්‍යවරුන් කලකිරිලා ඉන්නේ. එනිසා ඔවුන් සමඟ සාකච්ඡා බිඳවැටිලා තියෙන්නේ.

නමුත් හෙද වෘත්තිය දෙස බලන්න. ඔවුන් මේ වෙනවිට ලබාගත් දේ අප්‍රමාණයි. ඔවුන් දිනා ගත් දේ බොහොමයි. ඔවුන් දෙසවත් බලා හැදෙන්න.

බොහොම පැහැදිලි ව කියන්න තියෙන්නේ මේ සියල්ලේම ප්‍රතිඵලය ජනතාව අමාරුවේ වැටීම පමණයි.

80% ක්‌ වෛද්‍යවරුන් තම සේවය හරිහැටි ඉටු කළා. 20% ක්‌ බොහොම අකමැතිවයි වැඩවර්ජනය කලේ. වෛද්‍යවරුන් වීමට තම දෙමාපියන් අසීමිත දුක් විද අධ්‍යාපනය ලබා දී තම වෘත්තිය හරි හැටි ඉටු නොකිරීම මහා පාපයක්. තම වෘත්තිය හරියට කිරීම මිස වැඩවර්ජනය කිරීම හරිම කරුමයක්. මෙය ඉතාමත් පාපකාරී දෙයක් බව හැමෝම සිතට ගත යුතුයි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...

Sydney Lions District 201N5 සමුළුවේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉහළ පිළිගැනීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : සිඩ්නි සිංහ දිස්ත්‍රික්...

අඩුකළ ඖෂධ ලැයිස්තුව සහ මිල ගණන් මෙන්න!

කොළඹ LNW:මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ ඖෂධ වර්ග 350 ක...

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...