Wednesday, March 29, 2023
spot_img

Latest Posts

ඖෂධ හිඟය පිළිබඳ මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරම්භ කරමින් රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ගෙන යයි. මෙම පරීක්ෂණයේ වගඋත්තරකරුවන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය නම් කර සිතාසි යොමු කළ බවයි.

නමුත් මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ මෙම පරීක්ෂණයට අදාළව පැමිණිලිකරුවන් හා වගඋත්තරකරුවන් ඊයේ (15) දිනයේදී මානව හිමිකම් කොමිසමට කැඳවා තිබූ අතර , නමුත් තීරණ ගත හැකි නිලධාරින් සහභාගී නොවීම නිසා පැමිණිලි විභාගය ලබන 23 වැනිදාට කල් දැමූ බවයි.

මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ , කඩිනමින් මැදිහත්විය යුතු ජාතිකමය වැදගත්කමක් සහිත ගැටලුවක් සේ සලකා කල්ගත කිරීමකින් තොරව ඖෂධ හිඟය විසඳා ගත යුතු බවයි.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.