*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා පොලීසියේ 36 වන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්?

කොළඹ (LNW): ශ්‍රී ලංකා පොලිසියේ 36 වන පොලිස්පතිවරයා ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ජනාධිපති වරයා නිර්දේශ කර ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මාර්තු විසි පස්සෙන් දා සිය ධූරයෙන් විශ්‍රාම ගැන්වීමෙන් පසුව ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරය සඳහා ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරගෙන ඇත.

1998.02.23 දින ආධුනික සහකාර පොලිස් අධිකාරි වරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන දේශබන්දු තෙන්නකෝන් මහතා 2006 වර්ෂයේදි පොලිස් අධිකාරි තනතුරටද, 2011 වර්ෂයේදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2015 වර්ෂයේදි නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත. අනතුරුව 2019.11.29 දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වන ඒ මහතා 2020.01.01 දිනට එම තනතුරේ ස්ථිර පත්විම් ලබන අතර, 2019.12.05 දින සිට මේ දක්වා වසර 03 කුත් මාස 03 කට අධික කාලයක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් කටයුතු කරනු ලබයි.

වසර 25 ක සේවා අත්දැකීම් ඇති ඒ මහතා තම සේවා කාලය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රාජකාරි කර ඇති අතර, ඒ අනුව දකුණු පළාතේ ගාල්ල, මාතර/ උතුර පළාතේ වව්නියාව/ නැගෙනහිර පළාතේ කන්තලේ/ බස්නාහිර පළාතේ නුගේගොඩ සහ කැළණිය යන ප්‍රදේශයන්හි රාජකාරි කරමින් ක්‍ෂේත්‍ර රාජකාරින් පිළිබද මනා අවබෝධයක් මෙන්ම විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් රාජකාරිමය වශයෙන් මනා පන්නරයක් ලබා ඇත. විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන ඒ මහතා දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙන පොලිස් අධිකාරි තනතුරට උසස්විම් ලබා මාස 02 ක් වැනි කාලසීමාවක් තුල නුවරඑළිය කොට්ඨාශභාර නිලධාරියා ලෙස පත්කර යැවිමට එවකට සිටි බලධාරින් කටයුතු කරන ලදි.

ඉන් අනතුරුව L.T.T.E යුධ වාතාවරණය උච්චතමව පැවති 2006 – 2009 වකවානුව තුල බස්නාහිර පළාතේ නුගේගොඩ පොලිස් කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් වසර 05 ක පමණ කාලයක් එම ප්‍රදේශයේ ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සිදුවිම වැලැක්විම සදහා එවකට ක්‍රියාත්මක වු සුරකිමු ලංකා සිවිල් ආරක්ෂක කමිටු බල ගන්වමින් ප්‍රජාව සමග එක්ව ජාතික ආරක්ෂාවට වැදගත් ක්‍රියාකාරකම් රැසක් සිදුකර ඇති ඒ මහතා ආරක්ෂක ඇස “Security eye” නැමති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් නාගරික බල ප්‍රදේශ තුල ත්‍රස්වාදි මෙන්ම අපරාධ ක්‍රියා වැලැක්විම සදහා විශේෂ ක්‍රියාන්විතයක්ද හදුන්වා දෙන ලදි. ඉහත ක්‍රියාකාරකම්වල ප්‍රථිපලයක් ලෙස මෙම කාලසීමාව තුල දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්ට සාපේක්ෂව කොළඹට තදාසන්න ප්‍රදේශයක් ලෙස නුගේගොඩ පොලිස් කොට්ඨාශය තුල ත්‍රස්තවාදි බෝම්බ පුපුරවාහැරිම් ආදිය සිදුවිම වලක්වා ගැනිමටද හැකිවිය. අනතුරුව 2012 – 2015 කාලසීමාව තුල මාතර කොට්ඨාශභාර නිලධාරියා වශයෙන් කටයුතු කරමින් දකුණු පළාතේ ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ඡාවාරම මෙන්ම දකුණු මුහුදු තීරය යොදා ගනිමින් සිදුකල නීති විරෝධි මිනිස් ඡාවාරම මැඩලීමටද ක්‍රියාකරන ලදි. මෙම කාලසීමහාව තුල කඹුරුපිටය ප්‍ර දේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙකු සහ ඔහුගේ බිරිද තම දරු දෙදෙනා ඉදිරිපිටදිම සාහසික ලෙස ඝාතනය කිරිමේ අපරාධයක් වාර්තා වු අතර, එම අපරාධයට සම්බන්ධ සියළුම සැකකරුවන් ඉතා කෙටි කාලසීමාවක් තුල අත්අඩංගුවට ගැනිම සහ මෙලෙස සාහසික මරණයකට මුහුණ දුන් පොලිස් නිලධාරියාගේ පවුලේ අයට සාධාරණයක් ඉටු කිරිම පිළිබදව සමාජය තුල එම වකවානුවේ දැඩි කථාබහට ලක්විය.

L.T.T.E ත්‍රස්තවාදි යුධ වාථාවරණයෙන් පසු පශ්චාත් යුධ සමය තුල වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් 2016 – 2018 කාසීමාව තුල රාජකාරි කල ඒ මහතා එම කාලසීමාව තුල යුද්ධයෙන් පීඩා විදි උතුරු පළාතේ වැසියන්ට තම සාමාන්‍ය ජන ජිවිතය යථා තත්වය පත්කර ගැනිම මෙන්ම සිවිල් නීතිය එම ප්‍රදේශයේ ස්ථාපිත කිරිම සදහා සහ ජාතින් අතර අනෝන්‍ය සබඳතාවය ඇතිකරලීම සදහා තම දායකත්ව ලබාදෙන ලදි. එහිදි විශේෂයෙන්ම උතුරු පළාත් වැසියන්ට පොලිසිය සමග කටයුතු කිරිමේදි ප්‍රධාන බාධකයක්ව පැවති භාෂා ගැටළුවට පිළියමක් ලෙස තම මව් බසින් එනම් ද්‍රවිඩ භාෂාවෙන් දුරකථනය ඔස්සේ තම පැමිණිලි/ ගැටළු ඍජුවම පොලිසියට ඉදිරිපත් කිරිම සදහා වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ හදිසි ඇමතුම් දුරකථන සේවාවක් ස්ථාපිතකර දවසේ පැය 24 පුරා ද්‍රවිඩ පොලිස් නිලධාරින් සේවයේ යෙදවිමටත්, එම සේවාවට ලැබෙන දුරකථන ඇමතුම්වල කඩිනම් ප්‍රථිචාර දැක්විමේ ක්‍රම වේදයක් සකස් කරවිමටත් පියවර ගන්නා ලදි.

එසේම වසර ගණනාවක් තිස්සේ පැවති යුද්ධයෙන් හෙම්බත්වු උතුරු ප්‍රදේශයේ සශ්‍රිකත්වය මෙන්ම ජනතාවගේ පරිභෝජන අවශ්‍යතා සපුරාලනුවස් කොස්පැල 10,000 ක් සිටුවිමේ වැඩසටහන් “කොස් උයන් ව්‍යාපෘතිය” නමින් වන්නි දිසාවට අයත් වව්නියාව සහ මන්නාරම දිස්‍ත්‍රික්කවල සියළුම පොලිස් වසම් මට්ටමින් ක්‍රියාත්මක කරණ අතරම, පොලිස් ජංගම සේවා තුලින් මහජනතාව අතරට යමින් අනෝන්‍ය සබැදියාව ගොඩනැංවිමට සුවිශේෂි කාර්යභාරයක් මෙම කාලසීමාව තුල ඒ මහතා විසින් ඉටුකරණ ලදි. මෙම කාලසීමාව තුල වව්නියාව පොලිස් සංකීර්ණය තුල “සාම චෛත්‍යය” ඉදි කරමින් බෞද්ධාගමික පොලිස් නිලධාරින් සදහා තම වැදුම් පිදුම් කටයුතු ඉටුකරලීමට සුදුසු වටපිටාවක් ඇතිකරණ ලදි. එසේම ප්‍රදේශයේ පිහිටි හින්දු ආගමික ස්ථාන සහ ඒවායෙහි ප්‍රධානින් සමගද මනා සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් එම ආගමික වැඩසටහන් ප්‍රවර්ධනය සදහාද කටයුතු කරන ලදි.

මෙම කාලසීමාව තුල දකුණු පළාතේ දරුණු ගංවතුර තත්වයක් ඇතිවු අවස්ථාවේ වව්නියාව ප්‍ර දේශයේ රාජකාරි කරමින් සිටියදි විශේෂ රාජකාරි පදනම මත දේශබන්දු තෙන්නකෝන් මහතා මාතර ප්‍රදේශයට කැදවිමට එවකට සිටි උසස් පොලිස් නිලධාරින් පියවර ගත් අතර, එම නිලධාරින් ඔහු කෙරෙහි තැබු විශ්වාසය සහ පැවති මහජන සම්බන්ධතාවය හේතුවෙන් ජාතික ව්‍යසනයක්ව පැවති එම ගංවතුර තත්වය පහව යනතුරු මාතර ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව සහ දෛනික ජන ජිවිතය පවත්වාගෙන යාම සදහා අනෙකුත් රාජ්‍ය නිලධාරින් සමග එක්ව සුවිශේෂි සමාජ සුභ සාධන ක්‍රියාවලියක ඒ මහතා නිරත විය.

අනතුරුව බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම අපරාධ, අපරාධ බුද්ධි සහ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කල ඒ මහතා එම කාලසීමාව තුල ප්‍රජා පොලිස් සංකල්පය මත පදනම්ව අපරාධ නිවාරණය, මත්ද්‍රව්‍ය නිවාරණය, පාරිසරික සංරක්ෂණය සම්බන්ධ ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන ලදි. විශේෂයෙන්ම වර්ථමානයේ ක්‍රියාත්මක වන ප්‍රජා පොලිස් ක්‍රමවේදයේ මුලික කටයුතු එම කාලසීමාව තුල සිදුකරන ලදි.

2019 වර්ෂයේ අග භාගයේ සිට මේ දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දිවයිනේ පිහිටි සංකීර්ණම මෙන්ම අභියෝගාත්මක පළාත භාර පොලිස් ප්‍රධානියා වශයෙන් කටයුතු කරමින් කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල පදිංචි මහජනතාවගේ මෙන්ම මෙම ප්‍රදේශයන්හි නීතිය හා සාමය ආරක්ෂා කිරිමේ ප්‍රමුඛතම වගකීම දරණ නිලධාරියා වශයෙන් සුවිශේෂි කාර්ය භාරයක නියැලෙමින් සිටි.

විශේෂයෙන්ම 2020 වර්ෂයේ මුල් භාගයේ ඇරබි COVID-19 වසංගතය හමුවේ බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වු සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් මෙන්ම පිට පළාත්වල පදිංචිකරුවන් ආරක්ෂිතව තම ගම්බිම් බලා පිටත්කර හැරිම වෙනුවෙන් විශේෂිත සැලැස්මක් ක්‍රියාත්මක කිරිම සහ විෂබිජහරණය, එන්නත්කරණය, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කිරිම මේන්ම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරිම වැනි කාර්යයන් වලදි ඉදිරිපෙල හිදිමින් කටයුතු කිරිම මත එම කාල වකවානුව තුල දේශබන්දු තෙන්නකෝන් මහතා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුල ජනප්‍රිය චරිතයක් විය. විශේෂයෙන්ම එවකට සිටි ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදා ප්‍රධානින් සහ සෞඛ්‍ය ප්‍රධානින් සම්බන්ධ කරගනිමින් පිහිටවනු ලැබු COVID-19 මර්ධණ ජනාධිපති කාර්ය සාධන බලකායේ ක්‍රියාකාරි සාමාජිකයෙකු වු ඒ මහතා පැවති අවධානම් තත්වයද නොසලකා සාමාන්‍ය මහජනතාව අතරට යමින් කටයුතු කල ආකාරය විශේෂ පැසසුමට ලක්විය.

මෙම වසංගත තත්වය පහව යාමත් සමග යලිත් වරක් සාමාන්‍ය ජන ජිවිතය යථා තත්වයට පත් කිරිම සදහා සුවිෂාල කාර්ය භාරයක් ඉටුකල ඒ මහතා කොළඹ නාගරික බල ප්‍රදේශය තුල රථවාහන ගමනාගමනය විධිමත් කිරිම වෙනුවෙන්ද විශේෂිත වු සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරන ලදි. ඒත් සමගම බස්නාහිර පළාත තුල නැගි ආ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය ඡාවාරම මැඩලීම සදහා උසස් පොලිස් නිලධාරියෙකු වශයෙන් තම නිලධාරින් මෙහෙයවමින් අඛන්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කල අතර, රටේ නම ගිය පාතාල අපරාධකරුවන් ගණනාවක් මෙන්ම නම ගිය මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් ගණනාවක් පසුගිය කාලසීමාව තුල නීතිය හමුවට පැමිනවීමටද ඒ ඔස්සේ හැකිවිය.

මෙලෙස ක්‍රියාත්මක කරන ලද පාතාල සහ මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුම් වල ප්‍රතිපලයක් ලෙස බොහෝ සංවිධානාත්මක අපරාධකරුවන් නීති විරෝධි ආකාරයට මෙරටින් පැනයාමද සිදුවු අතර, එලෙස පැනගිය පුද්ගලයින් නැවත මෙරටට ගෙන්වා ගැනිම සදහා රතු නිවේදන නිකුත් කරවිම තුලින් විධිමත්වු වැඩපිලිවෙලක්ද ක්‍රියාත්මක කර ඇත. එසේම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් නීති විරෝධිව ඉපැයු වත්කම් පිළිබදව විමර්ශණය සදහා නිලධාරින් මෙහෙයවු ඒ මහතා ඒ ඔස්සේ රටේ නමගිය අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය කල්ලි සාමාජිකයින්ගේ නිශ්චල සහ චංචල දේපළ නීතිය හමුවට පැමිනවිමටද පියවර ගෙන ඇත.

2022 වර්ෂයේ අප්‍රේල් මස මුල් සතියේ සිට කොටුව ගාලුමුවදොර ආශ්‍රිතව ආරම්භවු අරගල භුමිය සහ ඊට සම්බන්ධිත විරෝධතා/ උද්ඝෝෂණ විශාල ප්‍රමාණයකට සක්‍රියව මුහුණ දෙමින් පළාතේ නීතිය හා සාමය පවත්වාගෙන යාම සදහා දැඩි කැපවීමකින් යුතුව කටයුතු කල අතරම, එම කාලසීමාව තුල කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රජයේ කාර්යාල අතුළු මර්මස්ථානයන්හි ආරක්ෂාව තහවුරු කිරිමටද සුවිෂාල කාර්ය භාරයක් සිදුකරන ලදි.

ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් සෑම විටම කටයුතු කරන මෙතුමා බුද්ධි අංශ නිලධාරින් සක්‍රියව බුද්ධි කලාප අනුව රාජකාරි යොදවා කොළඹ නාගරික බල ප්‍රදේශය තුල ශක්තිමත් බුද්ධි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. එසේම නියමු ව්‍යාපෘතියක් ලෙස කොළඹ නාගරික බල ප්‍රදේශයට අයත් පොලිස් වසම් 25 ක පිහිටි ග්‍රාම නිලධාරි වසම් 74 ක ප්‍රමාණය මහජන ආරක්ෂක කමිටු ඒකක 200 කට වෙන්කර එම සෑම කමිටුවක් භාරවම පොලිස් නිලධාරියෙකු බැගින් පුර්ණ කාලිනව රාජකාරි යොදවා එම නිලධාරියා මගින් ඔහු අයත් කමිටු බල ප්‍රදේශයේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු රැස්කිරිම මෙන්ම විවිධ පැමිණිලි විමර්ශනය, නිශ්කාෂණ වාර්තා විමර්ශණය, ශබ්ධ විකාශන යන්ත්‍ර බලපත්‍ර විමර්ශණය, සිතාසි ක්‍රියාත්මක කිරිම වැනි එදිනදා මහජනතාවට පොලිසිය වෙත පැමිණ ඉටුකරගතයුතු රාජකාරි කටයුතු තම ප්‍රදේශයේදිම ඉටුකර ගැනිමේ පහසුකම සලසා දි ඇත.

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් මර්ධනය කිරිම මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් ඉන් මුදවා ගැනිම සදහාද සුවිශාල කාර්ය භාරයක් ඉටුකරනු ලබන දේශබන්දු තෙන්නකෝන් මහතා “යාත්‍රාව, සවිය” වැනි සංකල්පනාත්මක වැඩසටහන් තුලින් මත්ලෝලින් ප්‍රජා පාදකව තම නිවස තුලදීම පුනරුත්ථාපනය කිරිම සදහා සුවිශේෂි වු නියමු ව්‍යාපෘතින් ආරම්භ කර ඇත.

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක ඉහත ව්‍යාපෘථින් තුලින් මේ වන විටත් 4000 කට ආසන්න මතට ඇබ්බැහිවු පිරිස් ඉන් මුදවාගෙන සමාජගත කිරිමට පියවර ගෙන ඇති අතර, මහජන ආරක්ෂක කමිටුවල පුර්ණ දායකත්වය ඇතිව ඉදිරියටත් එම වැඩපිලිවෙල අතිසාර්ථකව ක්‍රියාත්මක කරමින් පවති.

මතින් සහ පාතාල ක්‍රියාකාරකම්වලින් තොර රටත් බිහි කිරිමේ තිර අදිටනින් යුතුව දීර්ඝ කාලින සැලැස්මකට අනුව කටයුතු කරමින් සිටින වත්මන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වත්මන් ශ්‍රි ලංකා පොලිසියේ සිටින ක්‍ෂේත්‍රයේ අත්දැකීම් බහුලම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හදුන්වා දිය හැක.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan