සටහන – නිශ්මං රණසිංහ
මාර්තු 17, කොළඹ (LNW): සිව් වසරකට පසුව ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව ක්‍රියාත්මක කරන ජාතික රට හරහා දිවිමේ තරගාවලිය මාර්තු 16 වන දින නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් පැවත්වීමට ක්‍රිඩා අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.48 වන ජාතික ක්‍රීඩා උළෙලේ ඉසව්වක් හැටියට ක්‍රියාත්මක මේ තරගය ක්‍රීඩා අමාත්‍යංශංයේ මග පෙන්වීම මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිදානය කර තිබුණු අතර එහි පිරිමි අංශයේ සූරතාවය මේ වන විට මෙරට මලල ක්‍රීඩාව තුළ දකින්නට ලැබෙන ජ්‍යෙෂ්ඨම ක්‍රිඩකයෙක් වන ආර්.එම්.එස්.පුෂ්පකුමාර සුපුරුදු පරිදි දිනා ගන්නට සමත් වුණා.කාන්තා සූරතාවය දිනා ගත්තේ මධ්‍යම පළාතේ චාමිනී හේරත් ක්‍රීඩිකාවයි.

ධාවන පථයේ ද කුසලතා පෙන්වා ඇති මේ වන විට මැරතන් ඉසව්වද නියෝජනය කරමින් සිටින බ්ලැකී යන අනවර්ථ නාමයෙන් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයම දන්නා මෙම ක්‍රීඩකයා දශක දෙකක පමණ කාලයක ධාවන පථයෙන්,රට හරහා දිවීමෙන් මෙන්ම මැරතන් ධාවනයෙන් ද මෙරට නියෝජනය කර ඇති ක්‍රිඩකයෙක්.ඔහු සිය ආදරණීය මව මරණාසන්නව මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව සිටියදීත්,මවට ඇප උපස්ථාන කරන අතරේම කිසිවිටක ක්‍රිඩාවට සහභාගිවීම ප්‍රතික්ෂේප නොකරමින් ක්‍රිඩාව වෙනුවෙන් කැපවීම පෙන් වූ පදක්කම්වලින් පමණක් සිඳුවන ඇගයීම්වලට එහා ගෞරවය පුද කළ යුතු ඉත්හිසයක් ඇති චරිතයක්.
මෙවර ජාතික රට හරහා දිවීමේ තරගාවලියේ ජයග්‍රහණය ලබන දවසේම සිය ජිවිතයේ 41 වන සැතපුම් කණුව ද පසු කළ බ්ලෑකී මෙරට ක්‍රීඩාව වෙනුවෙන් ලබා දී ඇති ජයග්‍රහණ වෙනුවෙන් සැතපුම් ලක්ෂ ගණනක් දිව තිබෙන බව නිසැකයි. එවැනි ඉතිහාසයක් ඇති ක්‍රිඩකයෙක්ට වසර 41 දී දුවන්න සහ ජයගන්න හැකි වීම ගැන සතුටක් දැනෙන අතරේම එවැනි අයෙකු වැය කළ කාලයට වටිනාකමක් දී ක්‍රීඩා අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට එක්ව ආදර්ශමත් සමුදීමක් ද කළ හැකියි.විශේෂයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වුව බ්ලැකී වැනි දුර්ලභ ක්‍රීඩකයෙක්ට වැය කළ කාලයේ වටිනාකමට ආදර්ශඹත් ඇගයීමක් දිය යුතුයි.
මෙම තරගයට සදහා පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් එක්ව සිටියා. පිරිමි අංශය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 79 දෙනෙක්ද, කාන්තා අංශය නියෝජනය කරමින් ක්‍රීඩකාවන් 47 දෙනෙක්ද සහභාගි වූ කිලෝමීටර් 10 ක් දුර වූ තරගයේ කාන්තා තරගය ජය ගත් චාමිනී ද අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක්.

පිරිමි අංශයේ ජයග්‍රහණ.
පළමු ස්ථානය බස්නාහිර පළාතේ ආර්.එම්.එස්.පුෂ්ප කුමාර (34.04),
දෙවන ස්ථානය මධ්‍යම පළාතේ වී. විකාශන් (34.04),
තෙවන ස්ථානය ඌව පළාතේ ටී.එම්. එරන්ද තෙන්නකෝන් (34.38)

කාන්තා අංශයේ ජයග්‍රහණ
පළමු ස්ථානය මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්.හේරත් (39.30)
දෙවන ස්ථානය නැගෙනහිර පළාතේ ඩබ්.ඒ.එම්.ආර්. විජේසූරිය (39.32)
තෙවන ස්ථානය ඌව පළාතේ ඩබ්.එම්. නිමේෂා නිදර්ශනී (39.50)

පළමු දෙවන හා තෙවන ස්ථාන සඳහා මුදල් ත්‍යාග, සහතික හා කුසලාන පිරිනැමෙන අතර දහවන ස්ථානය දක්වා ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩකාවන් හට මුදල් ත්‍යාග සහ සහතික පත්‍ර හිමිවිය.පිරිමි කණ්ඩායම් සූරතාවය දිනා ගැනීමට ඌව පළාත සමත් වූ අතර අනු සූරතාවය මධ්‍යම පළාතට හිමි විය.කාන්තා අංශයේ සූරතාවය හිමි වූයේ මධ්‍යම පළාතටය.අනු සූරියන් වූයේ සබරගමුව ය.

ක්‍රීඩා හා යෞවන කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් හා මග පෙන්වීම මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් (රියර් අද්මිරාල්) මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදුවිය.මුදල් ත්‍යාග සහ සහතික හිමි වූ දස දෙනාම ඇතුළත් ජයග්‍රාහී නිල ප්‍රතිපලයන් ඡායාරූප ලෙස මෙම සටහනට එකතු කර ඇත.




