මේ විරෝධතා, උද්ඝෝෂණ, වැඩවර්ජන කරන්න දෙන්න බෑ – ඥානසාර හිමි (VIDEO)

0
8646

ජනාධිපතිවරයා සිය විධායක බලතල භාවිතා කර උද්ඝෝෂණ, විරෝධතා සහ වැඩවර්ජන දැඩි ලෙස මර්දනය කළ යුතු බව එක රටක් – එක නීතියක් ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ගලගොඩ අත්තේ ඥානසාර හිමි පවසයි.

“ආණ්ඩුව කෙරෙහි විශ්වාසය බිඳවැටිලා තියෙනවා. එහෙන් උද්ඝෝෂණ, මෙහෙන් විරෝධතා. මොකක්ද මේ ? මේ තෙල් ටික ගහගන්නවා කිලෝමීටර් එකහමාරක් විතර පෝලිමේ ඉඳලා, අවශ්‍ය ගමන යනකොට පාරවල්වල උද්ඝෝෂණ. අපි බලාපොරොත්තු වුණේ නෑ ගෝඨාභය මහත්තයාගෙන් මේ වගේ දියාරු පාලනයක්. මේවා පාලනය කරන්න ඕනෙ. දුම්රිය ස්ට්‍රයික් කරනවා නම් බෑ ස්ට්‍රයික් කරන්න. රෝහල් ස්ට්‍රයික් කරන්න බෑ. මොකක්ද මේ ? මේ තුනෙන් දෙකේ බලයකුත් දීලා තියෙනවා, විධායක බලයකුත් තියෙනවා, ඒකෙන් වැඩේ ගන්නෙ නැත්නම් මොකක්ද ඒකෙ තියෙන ප්‍රයෝජනේ ? ඒක නිසා මිනිස්සුන්ගෙන් මේ රටේ භික්ෂුන් වහන්සේලා පවා බැණුම් අහනවා. බැරිවෙලාවක් ඔය රසායනික පොහොර ගැන අපි බලන් හිටියා නම් ඔය තෙල් නැව වගේ, ගෑස් නැව වගේ අපට පොහොර නැව එනකලුත් බලන් ඉන්න වෙනවා. නමුත් වේලාසනින්ම කාබනික එකට ගියා, ඒකෙ අඩුපාඩු එක්ක හරි නැගිටගන්න පුළුවන් නම් ඒක හොඳ එකක්. ඒක මිනිස්සු අතරට ගිහිල්ලා මේක වුණේ මේකයි කියලා හරියට කියන්න කෙනෙක් නැහැ”

ගලගොඩ අත්තේ ඥානසාර හිමි මේ බව පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here