ඉන්ධන හා විදුලිය භාවිතය හැකිතාක් අඩුකර සහාය දෙන්න – ජනපති ජනතාවගෙන් ඉල්ලයි

0
1319

ඉන්ධන භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් අඩුකර, මේ අසීරු මොහොතේදී රට වෙනුවෙන් සහාය දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

“පසුගිය කාලයේ මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.

ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි. වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා.

මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ.

ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා”

ජනාධිපතිතුමා මේ බව පැවසුවේ ඊයේ (16) රාත්‍රියේදී ජාතිය අමතමින් සිදුකළ විශේෂ ප්‍රකාශයේදී ය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here