පුටින් යුද අපරාධකරුවෙක් – බයිඩන්ගෙන් බරපතල චෝදනාවක් !

Date:

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුද අපරාධකරුවෙකු බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසුව ඇමරිකාවෙන් පුටින්ට මෙවැනි බරපතල චෝදනාවක් එල්ල වූයේ පළමුවරටයි.

රුසියානු – යුක්රේන යුදමය අර්බුදය ආරම්භ වී මේ වනවිට සති තුනක් ගත වී ඇති අතර මීට පෙර කිසිදු අවස්ථාවක යුක්රේන භූමියේ සිදුවන යුද ක්‍රියාකාරකම් යුද අපරාධ ලෙස ලේබල් කිරීමට ඇමරිකාව පියවර ගෙන නොතිබිණි.

කෙසේ නමුත් ඊයේ පැවති උත්සවයක් අමතමින් බයිඩන් පවසා තිබෙන්නේ ‘මම හිතන්නෙ ඔහු යුද අපරාධකරුවෙක්’ යනුවෙනි.

මේ අතර යුක්රේනයට ඩොරල් බිලියනයක යුද උපකරණ සැපයීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. ප්‍රහාරක ඩ්‍රෝන යානා ඇතුළු යුද උපකරණ රැසක් ඊට ඇතුළත් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොදෙව් දේශය බලා යන ලලනා ක්‍රිකට් කණ්ඩායමට අලුත් මුහුණු…?

නිශ්මං රණසිංහ ජනවාරි 27, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්...

ට්‍රම්ප් දකුණු කොරියානු ආනයන සඳහා තීරුබදු 25%කින් ඉහල නංවයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බලහත්කාරයෙන් අතුරුදහන් කළ වූවන්ට යුක්තිය පතා අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩට...