ඩොලර් බිලියනයේ ගිවිසුමට අත්සන් තබයි

ඇමරිකානු ඩොලර් බිලියනය ණය මුදලක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාවය පළකර ඇති අතර ඊට අදාල ගිවිසුම අද පස්වරුවේ අත්සන් කෙරිණි. ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඊට අත්සන් කර තිබෙනවා.

මෙම ණය මුදල ලබා ගැනීමට අදාල අවසන් සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ආටිගල මහතා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගිය අතර ඊයේ දිනයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා, විදේශ අමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමග සාකච්ඡා පැවැත්වීය.

ඉදිරි මාස කිහිපය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබාගත් අතර, අදාල මුදලින් තිරිඟු පිටි, සීනි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය ඖෂධ ඉන්දියාවෙන් මිලදී ගැනීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...