*
Monday, September 23, 2024
spot_img

Latest Posts

රජය හා ජනාධිපති විවේචනය කළැයි රූපවාහිනී මාධ්‍යවේදිනියක ගෙදර යවලා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

රජය හා ජනාධිපතිවරයා විවේචනය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සේවය කළ මාධ්‍යවේදිනියක සේවයෙන් ඉවත් කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම සිදුවීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරන මාධ්‍යවේදියෙකුට වුවද සමාජ මාධ්‍ය හරහා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තිබෙන බවත්, එය වාරණය කිරීමට හෝ එසේ අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන් සේවයෙන් ඉවත් කිරීමට හෝ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට අයිතියක් නොමැති බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරනවා.

පාරමී නිලේප්තිට රූපවාහිනිය තහනම් වෙයි, මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදුවන බවට සංඥාවක් – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ජාතික රූපවාහිනියේ නිදහස් මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ පාරමී නිලේප්ති රණසිංහට නැවත සේවයට නොපැමිණෙන ලෙස එහි පාලනාධිකාරියේ උපදෙස් මත යැයි පවසමින්, වැඩසටහන් නිෂ්පාදකවරු දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් ඇය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයට සටහනක්ද එක් කර තිබේ.

ඉහළින් ලැබුණු උපදෙස් මත රිවි දින අරුණැල්ල ඇතුළු වැඩසටහන්වල පූරක කාර්යයට මින් ඉදිරියට ඇගේ සේවය අනවශ්‍ය යැයි නිෂ්පාදකවරු පැවසූ බව සිදුවීම සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කළ විමසීමකට පිළිතුරු දුන් පාරමී නිලේප්ති පැවසුවාය. ඇය වැඩිදුරටත් පැවසුවේ, තමන් පළ කරන ෆේස්බුක් සටහන් මගින් ජනාධිපතිවරයා සහ රජය විවේචනය කෙරෙන නිසා රූපවාහිනියේ සේවයට යොදා නොගන්නා මෙන් ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇති බවයි.

මෙම සිදුවීම භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය කරන අවස්ථාවක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරන්නේ, රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවය කරන ජනමාධ්‍යවේදියෙකුට වුවද ව්‍යවස්ථාපිත පුරවැසි අයිතීන් හිමි බවයි.

එසේම පාරමී කිසියම් පළ කිරීමක් කර ඇත්නම් ඒ ඇගේ සමාජ මාධ්‍ය ප්‍රකාශන ලෙස ය. එම ප්‍රකාශන දෙස අවධානයෙන් බලා සිටින කිසියම් පාර්ශවයක් මෙවැනි දඩයම් කිරීමකට අවශ්‍ය වාතාවරණය බලධාරීන් වෙත සම්පාදනය කර දෙන්නේ නම් එයද අතිශයින් බරපතල සිදුවීමක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දකියි. ඒ දිගින් දිගටම මාධ්‍යවේදීන් ආවේක්ෂණය සිදු වන බවට ප්‍රබල සංඥාවක් එමගින් ලැබෙන නිසා ය.

පසුගිය කාලයේ තමන් ආවේක්ෂණය කෙරෙනු ඇතැයි සැක කරන බව මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු පොලිස්පතිවරයාටද පැමිණිළි කර තිබූ පසුබිමක නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසු විය. එවැනි පසුබිමක පාරමී සම්බන්ධ සිදුවීම හුදෙක් භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමක් පමණක් නොව මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව අනතුරේ හෙලීම සඳහා ඔත්තු බැලීමේ කාර්යයක් සිදු වෙමින් පවතින බවට වන ඉඟියක් ලෙස ද සැළකිය යුතු බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විශ්වාසයයි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan