මහින්ද ජාත්‍යන්තර තනතුරකට. මහින්දගෙන් හිස්වන පුටුව දුමින්දට ?

0
10479

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරන විකල්ප අධිපති ධුරය සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

මෙම තනතුර ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ වසර 12 කට පසුව ය.

මහින්ද සිරිවර්ධන මහතා විශ්‍රාම වයස සම්පූර්ණ කර, සේවා දිගුවක් මත දැනට මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් කටයුතු කරන අයෙකි. ඔහු මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව භාර විකල්ප විධායක අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.

මේ අතර මහින්ද සිරිවර්ධන මහතාගෙන් පුරප්පාඩු වන මුදල් අමාත්‍යාංශ ලේකම් ධුරය සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතා පත්කිරීමට නියමිත බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.