ට්‍රම්ප් පරිපාලනය Voice of America ගැනත් තීරණයක් ගනී!

රෂිකා හෙන්නායක මාර්තු 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

එළැඹෙන මාර්තු 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි , ට්‍රම්ප් පරිපාලනය වොයිස් ඔෆ් ඇමරිකා මාධ්‍ය ආයතනයේ සේවකයන් සමූහ වශයෙන් ඉවත් කිරීම ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය අවසන් කිරීම පිළිබඳව දැනුම් දෙමින් විද්‍යුත් තැපෑල් පණිවුඩ යවා ඇති බව වාර්තා වේ.

මෙම මාධ්‍ය ජාලයේ සියලුම වැඩ කටයුතු වහාම නතර කළ යුතු බවත් කාර්යාකල ගොඩනැගිලි හෝ පද්ධතිවලට ප්‍රවේශ වීමට අවසර නොමැති බවත් ඔවුන් වෙත යොමු කළ එම පණිවුඩ වල සඳහන්වේ.

රජයේ අරමුදල් යොදවා ක්‍රියාත්මක වන මෙම මාධ්‍ය ජාලයේ සියලුම සේවකයින්ට අනිවාර්ය නිවාඩු ලබා දෙන විධායක නියෝගයක් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් කිරීමෙන් පසුව මෙය ආරම්භ කර ඇත.

එරට මාධ්‍ය සඳහන් කළේ, පසුගිය මාසයේ දී, ට්‍රම්ප් පරිපාලනය, මෙක්සිකෝ බොක්ක සඳහා “ඇමරිකානු බොක්ක” යන නම භාවිතා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ආයතනයට ද ට්‍රම්ප් රජයේ විවේචන එල්ල වී ඇති බවයි . ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ ද වොයිස් ඔෆ් ඇමරිකා මාධ්‍ය ජාලයට ට්‍රම්ප් විරුද්ධවාදීන් වෙනුවෙන් පක්ෂගරාහින් වීම පිළිබඳ චෝදනා එල්ල වුණ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නක් ; තිදෙනෙකු මරුට, 36ක් අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 22 : ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක...

“ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාලෝචනය”

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක...

අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති උත්සවයේදී මොකද වුණේ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: අම්බලන්ගොඩ ධීවර වරායේ පැවති...

රතු කාඩ්පතකින් බේරුණු මෙසී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW: ක්‍රීඩාවේ පවතින ඉහළ තරගකාරීත්වය...