*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

ඒ හිතුවක්කාරයත් හිටියනම් ….

එක දවසක් බ්‍රිතාන්‍ය එලිසබෙත් රැජිණගේ රාජ්‍යත්වයේ රිදී ජුබිළි දිනයට ටිකක් ලංවෙලා ක්වීන් කණ්ඩායමේ ගිටාර් වාදක බ්‍රයන් මේ (Brian May) ට කෝල් එකක් එනවා. ඒ එන්නේ බකින්හැම් මාළිගයෙන්. කතා කළේ චාල්ස් කුමාරයා. බ්‍රයන් සහ චාල්ස් කුමාරයා අතර දිගුකාලීන හිතවත්කමක් තියනවා. ඒ හිතවත්කමත් එක්ක තමයි මේ කෝල් එක එන්නේ.

මොකක් ගැන ද මේ කෝල් එක? කෝල් එකෙන් චාල්ස් අහනවා මෙහෙම. ‘බ්‍රයන් මෙහෙම අදහසක් තියනවා මාලිගාවේ. අපි මේ පාර රැජිණගේ රිදී ජුබිළි දිනේට බ්‍රිතාන්‍ය ජාතික ගීය ඔබේ ගිටාරයෙන් වාදනය කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒකට ඔබේ කැමැත්ත කොහොමද?’

බ්‍රයන් ඒ යෝජනාවට කැමති වෙන්නේ ඒ වැඩේ කියන්නේ රජ මාළිගයෙන් එයාට සහ එයාගේ සංගීත දිවියට දෙන්න පුළුවන් උපරිම ගෞරවයක් වන නිසා.

ඒ එක්කම වගේ එයා බකිංහැම් මාළිගාවට යනවා. ඇවිල්ල බලනවා එයාගේ වැඩේට සුදුසු තැනක්. වටේම ඇවිද්දත් ඇත්තටම එයාට සුදුසු තැනක් පේන්න තිබුණේ නැහැ. හැබැයි පස්සේ එයාට හිතෙනවා යකෝ අර මාළිගාවේ තියනවා නේද වටේම පේන වහළක් කියල (roof top).

එයා කෝල් එකක් ගන්නවා මාළිගාවට. අරන් කියනවා එයාගේ අදහස. ”මම කැමතියි අර වහලෙට නැගල වහල මත ඉඳල හුදකළා නළාකාරයෙක් (lone piper) නිදහසේ එයාගේ නලාව ගහනවා වගේ මගේ ගිටාරය හඬවන්න”. මාළිගයෙන් මෙහෙම කියනවා. ”පොඩ්ඩක් ඉන්න. අපිට තීරණයක් ගන්න බැහැ මේ ගැන. බලධාරීන්ගෙන් අහල කියන්නම්”. ”හරි”. බ්‍රයන් කෝල් එක නිමා කළා. එහෙම කරලා පැය කාලයි ගියේ බ්‍රයන්ට මාළිගයෙන් ඇමතුමක් ආව.

”හරි බ්‍රයන් අවුලක් නැහැ. රජ පවුල කැමතියි. අපි ඔයාට උවමනා දේවල් සකස්කරලා දෙන්නම්”.

ඒ විදියට තමයි බ්‍රයන් මේ කියන අද්විතීය ලෝ ප්‍රකට රොක් ගිටාර් වාදකයා, ක්වින් කණ්ඩායමේ නොසෙල්වෙන කුළුණ, රෝලින් ස්ටෝන් රොක් ගිටාර් වාදක නාමකරණයේ 26 වැනිය, තාරකා භෞතික විද්‍යාව පිලිබඳ උපාධිලාභියා එංගලන්ත රජ මාළිගාවේ වහළ මත ඉඳල ඒ රිදී ජුබිලි දවසේ එංගලන්ත නිදහස් ගීතය රොක් ජයගීතයක් (rock anthem) බවට පත්කළේ. ඒකත් එක හිතුවක්කාර කමක්. රොක් ශිල්පීන් කොහොමත් පොඩ්ඩක් හිතුවක්කාරයි.

එක තැනකදී රජ මාළිගාව කැමති වෙනවා එයාලටත් ඉහළින් බ්‍රයන් මේ කියන රොක් පුරාවෘත්තය තබන්න. එහෙම තියල එයාගේ ගිටාරයේ හඬ අහන්න.

චාල්ස් කුමාරය ඒ වැඩේට කැමති වෙනවා. ඒ බ්‍රයන් මේ තමයි චාල්ස් රජු අතින් ඊයේ ශ්‍රීමත් (සර්) කියන නම්බුනාමය ගන්නේ (OBE). චාල්ස්ට අමාරු වෙලාවත් බ්‍රයන් එයාගේ මිතුරෙක්. දැන් රජ වුණාමත් බ්‍රයන් එයාගේ මිතුරෙක්. එහෙමයි යාළුකම.

නම්බුනාමය ගත්තට පස්සේ බිබිසී මාධ්‍යවේදියා බ්‍රයන්ගෙන් මෙහෙම අහනවා. ”ෆ්‍රෙඩී මර්කරිත් අද හිටියනම් මේ දේ බලන්න මෙහෙ එයිද?” බ්‍රයන් කියනවා ”අනිවාර්යයෙන් එනවා. අපි ඔක්කොම එක පවුලක. එහෙම මිත්‍රත්වයක් අපි ළඟ තිබ්බ”.

බිබිසී එක අහන්නේ ෆ්‍රෙඩී හිටියනම් මේ සම්මානය ලැබෙයි ද කියල මිසක් එයාල අහන්නේ නැහැ ”ඒ හිතුවක්කාරයත් හිටියනම් මේ සම්මානය ලැබෙයි ද” කියල.

හැබැයි බ්‍රයන් කියනවා ”එහෙම නම් මේ ගෞරවනාමය ෆ්‍රෙඩීට ලැබෙන්නේ අපි හැමෝටම කළින්. එයා පුරාවෘත්තයක්”.

හැබැයි ෆ්‍රෙඩී නම් හිතුවක්කාරය කියල තිබ්බ අපි ඔක්කොම පුරාවෘත්ත කියල.

මම මේක ලිව්වේ රජ පවුල මහා දෙයක් කියල ලියන්නවත්, රජ පවුලේ නම්බුනාමය මහා බක්කක් කියල කියන්නවත් නෙවෙයි. රජ පවුලේ අධිරාජ්‍ය පසුබිම සාධාරණීකරණය කරන්නවත් නෙවෙයි.

හැබැයි රජ පවුල කියන්නේ අපි හිතන දේම නෙවෙයි. චාල්ස් කියන්නේ අපි හිතන කෙනාමත් නෙවෙයි.

මොකද ඔස්කා කට්ටිය සූඩයෝ නටවනකොට චාල්ස් බ්‍රයන් ට සම්මාන දෙනවා.

Image – Brian May Arielle (BMA) ගිටාරය සමඟ බ්‍රයන් බකින්හැම් වහළ මත..

~ මහේෂ් හපුගොඩ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan