ඩිල්ෂාන් අද නැහැ

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 18, කොළඹ (LNW): ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ මුහුණ දෙන තීරණාත්මක එක්දින තරගය අද පැවත්වීමට නියමිත අතර සෞඛ්‍ය තත්ත්වය මත ඩිල්ෂාන් මධුශංඛ එම තරගය ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත.ජයග්‍රාහී දෙවන එක්දින තරගයේදී පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් මධුශංක,පසුව පන්දු යවමින් සිටියදී පාදයේ ආබාධයකට ලක් විය.


ඒ සම්බන්ධයෙන් සිඳු කළ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිපල අනුව ඔහුව යථා තත්ත්වයට පත්වීමට අවශ්‍යය ප්‍රතිකාර සඳහා නැවත ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.මේ තත්ත්වය මත අද බොහෝ විට කාලයකට පසුව තුන් ඉරියව් දස්කම් ඇති චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇත.මේ දක්වා දෙපිළේම වේග පන්දු යවන්නන් චිතගොං තණතීරුවේදී වැඩි බලපෑමක් ඇති කරන තත්ත්වයක් තුළ මද වේග පන්දු යැවීම ප්‍රධාන කොට ගත් කණ්ඩායමේ සිටින එකම තුන් ඉරියව් ක්‍රීඩකයා හැටියට චාමිකට එම අවස්ථාව හිමිවීමට විශාල ඉඩක් ඇත.


දැනට දෙපිළේ පන්දු යවන්නන් අතරින් සාර්ථකම දඟ පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ වනිඳු හසරංග ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...