ඩිල්ෂාන් අද නැහැ

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 18, කොළඹ (LNW): ශ්‍රී ලංකා කණ්ඩායමේ බංගලාදේශ සංචාරයේ මුහුණ දෙන තීරණාත්මක එක්දින තරගය අද පැවත්වීමට නියමිත අතර සෞඛ්‍ය තත්ත්වය මත ඩිල්ෂාන් මධුශංඛ එම තරගය ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තහවුරු කර ඇත.ජයග්‍රාහී දෙවන එක්දින තරගයේදී පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබා දුන් මධුශංක,පසුව පන්දු යවමින් සිටියදී පාදයේ ආබාධයකට ලක් විය.


ඒ සම්බන්ධයෙන් සිඳු කළ ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිපල අනුව ඔහුව යථා තත්ත්වයට පත්වීමට අවශ්‍යය ප්‍රතිකාර සඳහා නැවත ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ.මේ තත්ත්වය මත අද බොහෝ විට කාලයකට පසුව තුන් ඉරියව් දස්කම් ඇති චාමික කරුණාරත්න කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇත.මේ දක්වා දෙපිළේම වේග පන්දු යවන්නන් චිතගොං තණතීරුවේදී වැඩි බලපෑමක් ඇති කරන තත්ත්වයක් තුළ මද වේග පන්දු යැවීම ප්‍රධාන කොට ගත් කණ්ඩායමේ සිටින එකම තුන් ඉරියව් ක්‍රීඩකයා හැටියට චාමිකට එම අවස්ථාව හිමිවීමට විශාල ඉඩක් ඇත.


දැනට දෙපිළේ පන්දු යවන්නන් අතරින් සාර්ථකම දඟ පන්දු යවන්නා බවට පත්ව ඇත්තේ වනිඳු හසරංග ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...