නුවරඑළිය වසන්තයට පිපෙන්න නියමිත පිහාටු මල්

Date:

සටහන – නිශ්මං රණසිංහ

මාර්තු 18, කොළඹ (LNW): වසන්ත සෘතු සමස්ත ලංකා බැඩිමින්ටන් තරගාවලිය අප්‍රේල් 20 සිට 28 දක්වා නුවරඑළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වීමට මධ්‍යම පළාත් බැඩිමින්ටන් සංගමය,ශ්‍රී ලංකා බැඩිමින්ටන් හී ආශිර්වාදය සහිතව පියවර ගනිමින් ඇත.ජාතික ශ්‍රේණිගත කිරීම් තරගාවලියක් ලෙස පැවත්වෙන මෙම තරගාවලිය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසාන දිනය ලෙස අප්‍රේල් 8 වන දා නම් කර ඇත.


විවෘත අංශයේ කාන්තා සහ පිරිමි ලෙස කේවල තරගත්,යුගල තරගත් පැවත්වෙන අතර විවෘත අංශයෙන් මිශ්‍ර යුගල තරග අංශයද ක්‍රියාත්මක වීමට නියමිතය.කණ්ෂ්ඨ වයස් කාණ්ඩ තරග ගත් විට අවුරුදු 11 න් පහළ,13 න් පහළ,15 න් පහළ,17 න් පහළ සහ 19 න් පහළ තරග ඇතුළත් කර ඇති අතර එම වයස් කාණ්ඩවලදී බාලක සහ බාලිකා කේවල සහ යුගල තරග ක්‍රියාත්මක කිරීමට නියමිතය.


ප්‍රවීන තරග අංශය ද මෙම තරගාවලියට ඇතුළත් කර ඇති අතර අවුරුදු 30 ට වැඩි සිට අවුරුදු 70 ට වැඩි දක්වා,35 ට වැඩි,40ට වැඩි,45 ට වැඩි,50 ට වැඩි,55 ට වැඩි,60 ට වැඩි,65 ට වැඩි ලෙස ප්‍රවීන තරග අංශය ඇසුරෙන් තරග අංශ නවයක් ක්‍රියාත්මකය.එම වයස් කාණ්ඩවලද පිරිමි සහ කාන්තා දේ’අංශයම ඇතුළත් වන පරිදි කේවල,යුගල සහ මිශ්‍ර යුගල ලෙස තරග පැවත්වීමට කටයුතු කර තිබේ.
එසේම ප්‍රවීන වයස් එකතුන අවුරුදු 110 යුගල තරග ද පිරිමි සහ කාන්තා අංශයෙන් මෙන්ම මිශ්‍ර යුගල අංශයෙන් ද ක්‍රියාත්මක වන අතර විවෘත අංශයේ පළමු පරාජිතයන් සහභාගි කරවා ගනිමින් පවත්වන ප්ලේට් කුසලානය සඳහා වන තරගාවලියක් ද කාන්තා සහ පිරිමි දෙ’අංශයෙන්ම ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
මේ තරගාවලිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා බැඩිමින්ටන් වෙත 011 268 6264 වෙත දුරකතන ඇමතුමක් ලබා දීමෙන් ලබා ගැනීමට හැකිය.

අයදුම්පත් https://app.srilankabadminton.lk/#/public/home වෙත පිවිස ලබා ගැනීමට හැකි අතර ඒවා මාර්ග ගත් ක්‍රමයට යොමු කිරීමේ හැකියාවද ඇතුළත්ය.ශ්‍රී ලංකා බැඩිමින්ටන් අධීක්ෂණයට යටත්ව ක්‍රියාත්මක මෙම තරගාවලියට සුපුරුදු ලෙස McFOIL,Mobil,LI-NING,3M සහ GaC අනුග්‍රාහක ආදරය ලබා දෙයි.


වස්සාන සිරියෙන් හැඩ ගැන්වෙන නුවරඑළියෙන් බක්මාසයට පිදෙන මේ බැඩිමින්ටන් අත්දැකීම අපූරු එකක් වනු ඇති අතර විනෝදය පිරි දේශිය සංචාරක අත්දැකීමක් ද එයින් එකතු වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...