ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව  බ්‍රිතාන්‍යය දැනුවත් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එක්සත් රාජධානියේ නීතිපති, රාජකීය නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් මහත්මියව ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කර ඇති බව සඳහන් වේ.

අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේ , අධිකරණ අමාත්‍යවරයා සහ එක්සත් රාජධානියේ නීතිපතිවරිය පසුගිය දා එක්සත් රාජධානියේදී හමුවූ බවයි.

එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්ය භාර්යන් සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහය ලබා දීම පිළිබඳවත් නීතිපතිවරිය අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර තිබුණු අතර, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා මහාධිකරණයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පිළිබදව අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරිය දැනුවත් කරනු ලැබ ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...