ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව  බ්‍රිතාන්‍යය දැනුවත් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 18, කොළඹ (LNW): අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් එක්සත් රාජධානියේ නීතිපති, රාජකීය නීතීඥ, වික්ටෝරියා ප්‍රෙන්ටිස් මහත්මියව ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත, මාර්ගගත ආරක්ෂණ පනත ඇතුළු ශ්‍රී ලංකාවේ සිදුවන නව නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කර ඇති බව සඳහන් වේ.

අධිකරණ අමාත්‍යංශය නිවේදනය කළේ , අධිකරණ අමාත්‍යවරයා සහ එක්සත් රාජධානියේ නීතිපතිවරිය පසුගිය දා එක්සත් රාජධානියේදී හමුවූ බවයි.

එක්සත් රාජධානියේ සිටින ශ්‍රි ලාංකික නීතිඥයින් විසින් ඉටු කරනු ලබන වැදගත් කාර්ය භාර්යන් සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂඥ සහය ලබා දීම පිළිබඳවත් නීතිපතිවරිය අධිකරණ අමාත්‍යවරයා දැනුවත් කර තිබුණු අතර, ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත, ශ්‍රී ලංකා මහාධිකරණයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවය පිළිබදව අධිකරණ අමාත්‍යවරයා විසින් නීතිපතිවරිය දැනුවත් කරනු ලැබ ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...