ලිට්රෝ ගෑස් සමාගම ව්‍යාපාරික හිතවතුන්ට ලබා දීමේ කූට සැලසුම කුමක්ද?

Date:

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිසංවිධානය හෙවත් රාජ්‍ය ආයතන පුද්ගලීකරණයට කිරීමට පත් කොට ඇති සුරේන් ෂාගේ කමිටුව මගින් ලිට්රෝ ගෑස් සමාගම තම ව්‍යාපාරික හිතවතුන්ට ලබා දීමේ කූට සැලසුමක් මේ වන විට අනාවරණය වී ඇත. මෙය පාඩු ලබන රාජ්‍යආයතන බේරා ලාභ ලබන ආයතන විකුණා තම යටි මඩි තර කර ගැනීමේ නිලධාරීවාදය නොවේද?

Sri lankan airline, sri lanka insurance, sri lanka telecom, Lanka hospital යන ආයතන පුද්ගලීකරණය කිරීමට අපොහොසත් වූ මෙම කමිටුව තමාගේම නොහැකියාව වසා ගැනීමට වසරකට බිලියන ගණනින් රජයට ආදායම් ලබා දෙන ලිට්රෝ ගෑස් ලංකා සමාගම කූඨක්‍රමෝපායන් මාර්ගයෙන් තම හිතවත් සමාගම් වලට කුණු කොල්ලයට විකිණීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වේ.

ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව තීරණය විය. එම තීරණය මුදල් අමාත්‍යාංශයෙ නිලධාරි මණ්ඩලය වර්තමාන ආර්ථික තත්ත්වය පදනම් කොට ගත් රාජ්‍යතාන්ත්‍රීය තීරණයකි. එම ප්‍රතිව්‍යුහගත කිරීම කල් තැබීමේ තීරණය වහාම ක්‍රියාත්මක කරන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු 11 වන දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යොමු අංක PED/S /SOEs RU/5/16 යටතේ ලිපියක් යොමු කොට ඇති බවද සඳහන් වේ.

අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම ලිපිය මේ වන විට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව නොසලකා හැර ක්‍රියාත්මක කොට නැත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදු කරනු ලබන අතර 2024 මාර්තු 15 දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයින් කැඳවීම සිදුකරනු ලබන්නේ මුදල් අමාත්‍යාංශයේ විධානයන්ද නොසලකා හරිමිනී.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම සඳහා පළමු ආයෝජකයින් කැඳවීම අසාර්ථක වූ විට. රජයට අවාසි වන ආකාරයේ ආයෝජන කොන්දේසින් ඇතුළත් කොට දෙවෙනි වර මෙම කමිටුවම ආයෝජකයින් කැඳවන්නේ දේශීය වශයෙන් බංකොලත් වී ඇති තම හිතවතුන්ගේ ආයතනද ආයෝජන ලැයිස්තුවට ඇතුළත් කිරීමේ කූට අභිප්‍රායෙන් බව පැවසේ.


උදාහරණයක් වශයෙන් ගත් කල දේශීය ගෑස් වෙළඳ පොලෙහි 15% කුඩා කොටසක් සතු ලංකාවේ බැංකු පද්ධතියට රුපියල් මිලියන 40000 ආසන්නයේ ණය පියවා නැති අසාදු ලේඛනගතව ඇති Laugfs Gas සමාගමද ඔවුන්ගේ ලිහිල් කරන කොන්දේසි මත මේ වනවිට ඔවුන්ගේ තෝරාගැනීමේ ලැයිස්තුවට ඇතුළත් කොට ඇත. එපමණක් නොව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ම මෙම ව්‍යාපාරයට කිසිදු ආකාරයක ශක්තියක් නොවන සමාගම් ද ඔවුන් ලැයිස්තු ගත කොට ඇත. මින් පෙනී යන්නේ සුරේන්. ෂාගේ ප්‍රති ව්‍යුහගත කිරීමේ කමිටුවට අවශ්‍ය වී ඇත්තේ හොඳ ආයෝජකයින් ගෙන්වා ශ්‍රී ලංකා ආර්ථිකයන් සවිමත් කිරීමට වඩා තම නොහැකියාව වසා ගනිමින් ලාභ ලබන ලිට්‍රෝගෑස් ලංකා සමාගම කුණු කොල්ලෙට තමාගේ ව්‍යාපාරික හිතවතුන්ට ලබාදීම බව පැහැදිලිය.

මෙම රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමන කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි.

මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ගත් තීරණයන් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිළිගත නොහැක.ජාතික සම්පත් නැවතත් විනාස කරමින් මුදල් කොමිස් අතැයට ගණුදෙනු සිදුකිරීමට සැරසෙන නිලධාරින්ගේ නිරුවතා මේ වන විට හඳුනා ගෙන ඇති බව පිළිබඳ තතු දන්නන් ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...