තෙල් අර්බුද, ඉන්ධන පෝලිම් අතරමැද නාවල ඉන්ධන හලක් කොල්ල කාලා !

0
425

නාවල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට අද (18) අළුයම පැමිණි කොල්ලකරුවන් පිරිසක් පිරවුම්හල් සේවකයන් සතුව තිබූ මුදල් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

ඉන්ධන ලබා ගැනීමේ මුවාවෙන් ප්ලාස්ටික් බූලියක්ද සමග ත්‍රිරෝද රථයකින් පැමිණ ඇති පස්දෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලිය ආයුධ පෙන්වා සේවකයන් බියවද්දා ඔවුන් සතුව තිබූ මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය කෙතෙක්ද යන්න තවමත් තහවුරු කරගෙන නොමැති බවද පොලීසිය සඳහන් කරනවා.

මෙම පැහැර ගැනීම සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සීසීටීවී කැමරාවල සටහන්ව ඇති අතර එම දර්ශන ආශ්‍රයෙන් කොල්ලකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වමින් සිටිනවා. මෙම අපරාධකරුවන් පිරිස ඉතා කඩිනමින් අත්අඩංගුවට ගැනීමට හැකිවනු ඇති බවටයි පොලීසිය විස්වාසය පළ කරන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here