කිරිපිටි මිල යළිත් ඉහළට ? කිලෝ 01 පැකට්ටුවක මිල 2000 ආසන්නයේ !

0
891

ආනයනික කිරිපිටි මිල යළිත් ඉහළ දැමීමට සිදුවන බව කිරිපිටි ආනයන සමාගම් පවසනවා. මිල ඉහළ දැමීමට අදාල ඉල්ලීම පසුගිය 07 වැනිදා පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත යොමුකර ඇති බවද එම සමාගම් සඳහන් කරනවා.

ලෝක වෙළඳපොලේ කිරිපිටි කිලෝග්‍රෑම් 01 ක මිල ඇමරිකානු ඩොලර් 2.80 සිට 5.30 දක්වා ඉහළ ගොස් ඇති අතර මීට අමතරව ඩොලරයේ වටිනාකම රුපියල් 275 ඉක්මවා තිබෙනවා. මේ නිසා කිරිපිටි ආනයන කටයුතු පාඩු ලබමින් සිදු කිරීමට සිදුව තිබේ.

සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීමට අනුව කිරිපිටි කිලෝග්‍රෑම් 01 ක සිල්ලර මිල රුපියල් 1345 සිට 1945 දක්වා රුපියල් 600 කින් වැඩිවීමට නියමිතය. මීට අමතරව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 260 කින් ඉහළ දැමීමට නියමිත අතර එහි නව මිල රුපියල් 800 ක් වනු ඇත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here