කන ගමන් ඉන්න තිරිසනෙකුට වුවත් ගහන්න හොඳ නැත යන කියමනට ඊශ්‍රායලයෙන් කනේ පහරක්!

Date:

සටහන – පුලී
මාර්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
සටන් විරාමයක් ආරම්භ වූ දා සිට ඊශ්‍රායලය එල්ල කළ දරුණුතම ප්‍රහාරය එල්ල කළ අතර ඉන් මියගිය සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බව හමාස් පාලනයට නතු ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ, ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස් කණ්ඩායම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර වශයෙන් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය කණ්ඩායමක් වන හමාස්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස හමුදාවට උපදෙස් දුන් බවයි.

මේ අතර, හමාස් ඊශ්‍රායලයෙහි දැඩි සටන් විරාම ගිවිසුම අවලංගු කළ බවට චෝදනා කළ අතර, ගාසා තීරයේ තවමත් රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකුගේ ඉරණම අවිනිශ්චිත විය හැකි බව ද පවසයි.

ගාසා තීරයේ පිපිරීම් ආරම්භ වන විට, මේ ශුද්ධ වූ රාමසාන් මාසය බැවින් බොහෝ දෙනෙකු අලුයම ආහාර ගනිමින් සිටි බව ද ඇසින් දුටුවන් ප්‍රකාශයන් කර ඇත්තේ කනස්සල්ල මතු කරමිනි.

ඊශ්‍රායල් යුද ගුවන් යානා 20කට වැඩි සංඛ්‍යාවක් පියාසර කළ අතර ඉන්පසුව එම ගුවන් යානාවලින් රෆා සහ ඛාන් යුනිස්හි ඉලක්කවලට පහරදීම ආරම්භ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...