බංගබන්දු ත්‍රෝබෝල් පිරිමි සූරතාවය ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට

Date:

ඉන්දියාව, බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව සහභාගි වූ, බංග්ලාදේශයේ පල්ටන් හී ශෙයික් රුසෙල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවති බංගාබන්දු කුසලාන අන්තර්ජාතික ත්‍රෝබෝල් තරගාවලියේ පිරිමි සූරතාවය දිනා ගන්නට ශ්‍රී ලංකාව පාසල් ත්‍රෝබෝල් කණ්ඩායමට හැකි වුණා. වෝල්ටන් හයිටෙක් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් (පීඑල්සී) අනුග්‍රහය යටතේ බංග්ලාදේශ ත්‍රෝබෝල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ,මාර්තු 15 සහ 16 යන දිනයන්හී පැවති මෙම තරගාවලියේ පිරිමි අවසාන තරගයේදී බංග්ලාදේශ ජාතික කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම මෙම සූරතාවය දිනා ගනු ලැබුවා.මෙම තරගාවලිය නියෝජනය කළ කාන්තා කණ්ඩායමට හිමි වුණේ තරගාවලියේ තෙවන තැනයි.

ලංකාවට වඩා විශාල පැතිරීමක් ඇතිව ත්‍රෝබෝල් ක්‍රීඩාව ක්‍රියාත්මක වන ඉන්දියාවේ පිරිමි අංශයේ ඇති කීර්තියට මෙම තරගාවලියේදී විශාල හානියක් සිඳු වුණා.බංගලාදේශයට සහ ශ්‍රී ලංකාවට පිටතින් සිටයි ඔවුන් තරගාවලිය හමාර කළේ.කාන්තා අංශයේදී ද සූරියන් බවට පත් වූයේ බංගලාදේශ කණ්ඩායම වීම කැපී පෙණුනා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට එරාවුර් මාකන් මාකර් ජාතික පාසලේ ඒ. ආර්. එම්. අම්මාර් සමත් වුණා.කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස බංගලාදේශ කාන්තා කණ්ඩායමේ උර්මි අක්තාර් රූමා තේරී පත් වූවාය.ඉසිපතන විද්‍යාලයේ නිශාන්ත සචිනස් නායකත්වය දුන් ශ්‍රී ලංකා පාසල් ත්‍රෝබෝල් කණ්ඩායම උබායි අලි විසින් පුහුණුකරනු ලැබුවා.

රත්නපුර නව නගර ගෘහස්ථ ක්‍රීඩාගාරය කේන්ද්‍ර කර ගනිමින් මෙම කණ්ඩායම් පුහුණුව ලැබූ අතර දිවයිනේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් නොවුණ ද,පාසල් මට්ටමෙන් ක්‍රීඩා ගුරුවරු මෙම ක්‍රීඩාව නිශ්ශබ්දව කෙතරම් දුර ව්‍යාපත කර ඇද්ද යන්න මෙම කණඩායම්වලට දිවයිනේ සිව් දෙසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරි සිටිය හැටියෙන් පෙන්නා දෙනවා.

ආරම්භයේදී ජාත්‍යන්තර තරග සහභාගීත්වයෙන් මෙවැනි තත්ත්වයකට ක්‍රීඩාව පත් වූ පසුව සාමාන්‍යයෙන් ක්‍රීඩාව ව්‍යාප්තිය,සංවර්ධනය වැනි කාරණාවන්ට වඩා ප්‍රභූ අවධානය යොමුවන්නේ ක්‍රීඩාව ලද දීප්තියෙන් තමන්ට බැබලෙන්නට මාවත් සෙවීමය.ත්‍රෝබෝල් ජයග්‍රහණය කර පැමිණෙන විට දැන් එම ජයග්‍රහණයේ කොටස්කරුවන් වන්නට කැමරා එළි ඉදිරියේ සිටගන්න බොහෝ අය ඔවුන් පැමිණෙන මාර්තු 21 දා බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සිට රැඟීම ආරම්භ කිරීමට ඉඩ ඇත.ඒ තත්තවය ගැන මේ දක්වා ත්‍රෝබෝල් ඔසවා තබන්නට වෙහෙස වූ සියලු දෙනා අවධානයෙන් සිටිම වැදගත් ය.

වඩා විධිමත් හැඩයකට මේ දක්වා ත්‍රෝබෝල් රැඟෙන ආ පිරිසට සැළසුමක් සහ අධීක්ෂණයක් අනුව ක්‍රීඩාව ව්‍යාපත් කිරීමට සහ නියැලෙන දක්ෂ ක්‍රීඩකයින් නඩත්තු කිරිමට වැඩ පිළිවෙලක් සැකසීම අත්‍යවශ්‍යය කාරණයක් ලෙස සියලු බලධාරීන් සැළකිය යුතුව ඇත.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නැවත ඇරඹෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : අද (17)...

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ...

සුඩාන සරණාගතයින් රැගත් යාත්‍රාවක ගින්නක් ඇතිවීම හේතුවෙන් අවම වශයෙන් 50 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩාන සරණාගතයින්...