*
Friday, April 19, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 03/18

  1. ණය නිසි පරිදි කලමනාකරණය කර නොගතහොත් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල රු. 1000 පවා ඉක්මවා යා හැකි බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රු. 346.33 සිට රු. 350.33 දක්වා රු. 3.89 කින් සියයට 1.1 කින් අවප්‍රමාණය වෙයි – ඇතැම් බැංකුවලට අනුව ඇමරිකානු ඩොලරයක වටිනාකම රු. 355.00 කි – අනියම් වෙළඳපොල (grey market) තුළ ඇමරිකානු ඩොලරය රුපියල රු. 380.00 කට එහා මුදලකට විකිණෙන බව සඳහන්.
  2. රාජකීය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජකීය විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 144 වැනි නිල් මහා සටනේ 2 වැනි දිනය නැරඹීමට පැමිණෙයි – රාජකීය විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.එම්. රත්නායක ද තරඟය නැරඹීමට ඔහු සමඟ එක් වෙයි.
  3. ඉන්දියානු විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයිශංකර්, නවදිල්ලි නුවර ජාතික නූතන කලා ගැලරියේදී ලෝ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ ප්‍රදර්ශනය විවෘත කරයි – “ශ්‍රී ලංකාව ගැන සිතන විට – එහි නාම, රූප, සම්බන්ධතා ගැන සිහිපත් වන විට – තම මනසට ඉතාම ස්වභාවිකව එන චරිතය වන්නේ ජෙෆ්රි බාවා” බව පවසයි.
  4. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමේ පළමු වාරිකය ලෙස එළඹෙන 2023 මාර්තු 20 වන දින ඇ.ඩො. මිලියන 400 ක පමණ මුදලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි – මේ සමඟ, අපනයනකරුවන්ට, ප්‍රමුඛතා පදනම මත විදේශ විනිමය ලැබෙනු ඇති බව ද පවසයි.
  5. මාසිකව 94,000 කගේ පමණ සාමාන්‍යයක් වාර්තා කරමින් 2022 වර්ෂයේ ශ්‍රී ලාංකිකයන් 1,127,758 ක් රට හැර දමා ගොස් ඇති බව මහ බැංකු දත්ත පෙන්නුම් කරයි – මින් විදෙස් රැකියා බලාපොරොත්තුවෙන් රට හැර දමා ගොස් තිබෙන්නේ සියයට 27.6 පමණක් බව ද සඳහන් – ඉකුත් වර්ෂය තුළ විදෙස් ගමන් බලපත්‍ර 911,757 නිකුත් කර ඇති බව ද සඳහන්.
  6. 2022 සැප්තැම්බර් අවසානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එළැඹි කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමෙන් අනතුරුව මුදල් මුද්‍රණය කිරීමක් සිදුව නැති බවට රජය සහ මහ බැංකුව විසින් ප්‍රකාශ කර තිබුණ ද, 2023 මාර්තු 15 වන දින මහ බැංකුව විසින් මුද්‍රණය කර තිබෙන රු. බිලියන 121 ක අතිවිශාල මුදල් ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂකයෝ සිය දැඩි අවධානය යොමු කරති.
  7. මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් ඇතැම් පොලිස් නිලධාරීන් විසින් සාවද්‍ය ලෙස පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසයි – මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති පුද්ගලයන් සතුව තිබී හඳුනාගත්තේ යැයි කියන ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නොවන බව ද පවසයි – “අව්‍යාජ අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ සියයට 01 කටත් අඩු ප්‍රමාණයක්” බව ද අවධාරණය කරයි.
  8. රාජ්‍ය අංශයේ සේවකයන් කප්පාදු කිරීම සඳහා රජය සතුව අභිලාෂයක් මෙතෙක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි – රාජ්‍ය අංශයේ සිටින සේවකයන් කිහිප දෙනෙකුගේ කාර්‍යක්ෂමතාවය පිළිබඳව මහජනතාව අතර අවධානය යොමුව තිබෙන බව අවධාරණය කරයි – කෙසේවෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට නම්, වැටුප් සහ විශ්‍රාම වැටුප් නොවැළැක්විය හැකි ලෙස කප්පාදු කිරීමට රජයට සිදුවනු ඇති බවට විශ්ලේෂකයන්ගේ මතයයි.
  9. එළඹෙන රාමසාන් සහ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවවලට සමඟාමීව කොළඹ චීන තානාපති කාර්යාලය විසින් පවුල් 15,000 කට රු. මිලියන 100 ක වියලි ආහාර ලබා දීම සිදුවෙයි – අවශ්‍යතාවලින් පෙළෙන පවුල් සඳහා මෙම බෙදා හැරීම, පන්සල්, කෝවිල් සහ ඉස්ලාම් දේවස්ථාන හරහා සිදුවන බවට සඳහන්.
  10. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවීම, නඩත්තු කිරීමට මසකට ආසන්න වශයෙන් රු. මිලියන 15ක් වැය වීම සහ සැලකිය යුතු ආදායමක් උපයා නොගැනීම් ආදී කරුණු මත නැඟෙනහිර පළාතේ මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට රජය තීරණය කරයි – මෙම ගුවන් තොටුපල විවෘත කරනු ලැබුවේ 2018 මාර්තු 25 වන දින ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan