සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනයට මූල්‍ය සහනයක්

Date:

සරසවි වරම් අහිමි සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා පොලී රහිතව රුපියල් ලක්ෂ 11ක ණය මුදලක් ලබාදීමට රජය තීරණය කළ බවත්, එම මුදල නැවත ගෙවිය යුතු වන්නේ රැකියාවක් ලැබීමෙන් පසු බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අද (17දා) කෑගල්ලේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


ඒ අනුව උසස් පෙළ සමත්ව රජයේ විශ්ව විද්‍යාල වෙත ඇතුළත් විය නොහැකි සිසුන් වෙත උසස් අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා රුපියල් ලක්ෂ 8ක ණය මුදල ලබා දීම නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
මීට අමතරව ඔවුන්ගේ එදිනෙදා වියදම් සඳහා තවත් රුපියල් ලක්ෂ 3ක මුදලක් ද ලබා දීමට නියමිත ය.


මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ අදාළ ණය මුදල පොලී රහිතව ලබා දීමට රජය සූදානම් බවත්, මෙරට ණය පොලී අනුපාත මේ වන විට 25%ටත් ඉහළ අගයකට පත් ඇති බැවින් එම පහසුකම සිසුන්ට ලබා දීමට තීරණය කළ බවත්ය.


දැනට ලංකා බැංකුව මගින් පමණක් ලබා දෙන මෙම ණය පහසුකම ඉදිරියේ දී මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් ද ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


කෙසේ වෙතත් මෙම ණය ලබා දීමේ දී ඉසෙඩ් අගය සහ හැදෑරීමට අපේක්ෂා කරන පාඨමාලාවේ ඇති කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නා බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය. අදාළ ණය මුදල විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව වසරක කාලයක් දක්වා ලබා දෙන අතර ආපසු ගෙවීම සිදු කළ යුත්තේ රැකියාවක් ලැබීමෙන් පසුව වීම විශේෂත්වයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...