ආනයනික බිත්තර නැව හෙට දිවයිනට

Date:

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රකාශකයෙකු පවසන ආකාරයට ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය රැගත් නෞකාව හෙට (19) දිවයිනට ළඟා වීමට නියමිත ය. ඔහු සඳහන් කළේ බිත්තර මිලියන දෙකක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බවය.

පවතින බිත්තර හිඟය අවම කිරීම සහ මිල පාලනය කිරීමේ අරමුණින් රජය විසින් බිත්තර ආනයනය කිරීමට තීරණය කරනු ලැබූ අතර රාජ්‍ය වාණිජ විවිධ නීතීගත සංස්ථාව සඳහන් කළේ අදාළ බිත්තර තොගය බේකරි කර්මාන්ත සඳහා යොදාගැනීමට නියමිතව ඇත.

රුපියල් 40ක් හෝ ඊට අඩු මිලකට එම බිත්තර බේකරි කර්මාන්තකරුවන් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන අතර, මේ සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් වහාම සකස් කරන ලෙසට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෝල්ට්‍රීම් වතුයායේ වතු කම්කරුවන්ට නව නිවාස ඉදිකිරීම් ඇරඹේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඊයේ (04) දින...

2026 නව පාසල් වාරය අද ඇරඹේ – නව විෂය මාලා ආරම්භය ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අද (05) සිට 2026 නව පාසල් වාරය...

කිසිම රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකියි – චීනය

කොළඹ LNW: කිසිදු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ...

සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඉදිරියේදී ,...