මුලින් තියන ඡන්දය ගැන ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට දැනුම් දීමක්

Date:

මුලින්ම පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ඊයේ (18) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මුලින් පැවැත්වෙන්නේ මහමැතිවරණයක්ද, ජනාධිපතිවරණයක්ද යන්න සම්බන්ධයෙන් පැතිර යන කතාබහ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බැවින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.

ඒ අනුව මුලින්ම ජනාධිපතිවරණයක් සඳහා සුදානම් වන ලෙස ජනාධිපතිවරයා කැබිනට් අමාත්‍යවරුන්ට දැනුම් දී ඇති බවයි ආරංචිමාර්ග පැවසුවේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 නව වසර උදා වූ රටවල්…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31, කොළඹ LNW : ලොව පුරා රටවල්...

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...