*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

කථානායක මහින්දට එරෙහි විශ්වාභංගය අද පාර්ලිමේන්තුවේ විවාදයට

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (19) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මේ පිළිබඳ විවාදය හෙට (20) දිනයේදීත් පැවැත්වෙනු ඇත.

මෙම විශ්වාසභංග යෝජනාව පසුගිය මාර්තු 05 වනදා පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම්වරයාට භාරදෙනු ලැබුවේ සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකුගේ අත්සන් සහිතව ය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට පටහැනිව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය (Online safety) පිළිබඳ පනත් කෙටුම්පතේ යම් වගන්තීන් සම්මත කරවා ගැනීමට ආණ්ඩු පක්ෂයට ඉඩ ලබා දීම සහ පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ව්‍යවස්ථා විරෝධී ලෙසත් නීති විරෝධී ලෙසත් ජනාධිපතිවරයාට සහයවීම හේතුවෙන් කතානායකවරයා කෙරෙහි තවදුරටත් විශ්වාසයක් නොමැති බව එම විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ.

මීට පෙර 2023 සැප්තැම්බර් මාසයේදී එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද අතර ඊට විරුද්ධව ඡන්ද 113කුත් පක්ෂව ඡන්ද 73කුත් ලැබී තිබිණි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan