කුප්‍රකට පච්චයන් STF අත්අඩංගුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

මාර්තු 19, කොළඹ (LNW):වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මහනුවර පොලිස් වසමේ KING හන්තාන, අංක 05, තබෝදාරාම පාර, රිච්මන්ගිල් නවාතැන්පලේ දී වැටලීමක් සිදුකර තිබෙන අතර එහිදී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමිවලට හා සංවිධානාත්මක අපරාධවලට අවශ්‍යව සිටි කුප්‍රකට පච්චයන් ලෙස හදුන්වන අපරාධ කල්ලියක කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසේ.

ඒ අනුව නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක ආපරාධවලට අවශ්‍යව සිටි මොරටුව ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 32, 38 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 34 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි කාර් රථයක්, එක්සත් ආරාබි රාජ්‍යයේ ඩිනාර් හා ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් හා තවත් භාණ්ඩ සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින් 10,000 කට තායිලන්තයේ රැකියා අවස්ථා. එරට කැබිනට් අනුමැතියත් ලැබෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 10,000ක් රැකියා සඳහා...

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...