රනිල් එක්ක තීරණාත්මක සාකච්ඡාවට යෝෂිතත් ආවා – බැසිල් පිළිගනී. යෝෂිත ආපු හේතුවත් කියයි

Date:

තමන් ඇමරිකාවේ සිට ආපසු පැමිණීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවැත්වූ තීරණාත්මක පළමු සාකච්ඡාවට මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඒ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂත් සහභාගී වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මෙම සාකච්ඡාව සඳහා යෝෂිත රාජපක්ෂ සහභාගී කරවාගත්තේ කවුරුන්ද යන්න විමසීමේදී බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේ “මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැනට තියෙන වයසයි … ඒ හැකියාව අනුව එතුමාගේ දරුවෙක් හෝ කවුරුහරි සහභාගී වෙනවා” යනුවෙනි.

කෙසේවෙතත් යෝෂිත රාජපක්ෂ පැමිණෙන බවක් තමන් නොදැන සිටි බවටත් ඔහුගේ සහභාගීත්වය නිසා තමන් කෝපයට පත්වූ බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යය බව පැවසූ බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා හමුවීම සඳහා තමන් තිදෙනාම පැමිණියේ එකම ස්ථානයක සිට බවත් මහින්ද රාජපක්ෂ මහතා සහ තමන් එකම වාහනයක පැමිණි අතර ඊට පසුපසින් යෝෂිතගේ වාහනය පැමිණි බවත් ය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාමය වැඩසටනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!

කොළඹ LNW:මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ හුන්නස්ගිරිය මීමුරේ මාර්ගය...

ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.

නිශ්මං රණසිංහ නොවැම්බර් 26, කොළඹ LNW: ඉතාලියේ මිලානෝ කෝර්ටිනා හී...

සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 26, කොළඹ LNW: සමාජය නොමඟ යවන...