අවන්තගේ රනිලියානු සත්‍යය ….

Date:

මනෝවිශ්ලේෂණය සත්‍යයක් නම්, දෙවියන් මියගිය බව ද සත්‍යයක් නම්, අවන්ත ආටිගල සත්‍යයක් නම්, රනිල් වික්‍රමසිංහ ද සත්‍යයක් නම්, ඉඳින් මේ සමඟ අමුණන කාටූනය වනාහී රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කාටූන් ශිල්පියෙක් ඇඳි හොඳම සමකාලීන ලාංකික කාටූනය වන්නේය. එසේම රනිල්ගේ ප්‍රචාරක බලකාය විසින් ඉතාම හොඳින් මාකට් කලයුතු කාටූනය ද මෙය වන්නේය.

එය දැනටමත් රනිල් ප්‍රචාරණ යාන්ත්‍රණය විසින් කලඑළි බස්වා ඇති ”සැබෑව” (Reality) ප්‍රචාරක ටැග් ලයිනය සමඟද නියමෙටම පෑහෙන්නේ ය. එනම් ඒ ”සැබෑව” යන්න ලකානියානු රියල් (Real) යන්නට සමාන්තර ලෙස ගැටගසා ඇති හෙයින් ය.

රියල් (The Real) යනුවෙන් ලකාන් අදහස් කරන ‘යථාව’ යනු කිසිම තිරයක (screen) ආධාරය නොලබන්නකි. තිරයක් නොමැතිව පවතින්නකි. එනම් එය ඇත්තේ හෙළුවෙන් ය. අමු හෙළුවෙන් ය. අමුම අමු හෙළුවෙන් ය. එය මුණගැසීම එනිසා අසීරුය.

තිරයට පිටුපසින් ඇති බිබික්කමක් නැත. දෙවියන් ඉන්නවා යැයි කිවූවද ඇති දෙවියෙක් නැත. නැති දෙවියෙක් ඇතැයි කියමින් තිරය ළඟ ඉන්නේ කපුවෙක්ය. දෙවියන් නැති බව ඌ දන්නවා උනත් කාසි (චන්ද) නිසා ඌ ඉන්නේ දෙවියන් ඇති සැටියට ය. ඒ නිසා ඇත්තටම පවතින්නේ තීරය ය.

ඉතිහාසය තුළ තිරය මේ අයුරින් දෘෂ්ටිවාදයේ ආරම්භය සහිටුහන් කරන්නේ ය.

තිරය නිසා අපි හිතන්නේ තිරයට පිටුපසින් මොකක් හෝ ඇති කියාය. එය දෙවියන්ගේ හෝ කපුවාගේ ප්‍රශ්නයක් නොව අපේ ප්‍රශ්නයකි. තිරය කරන්නේ අපේ රෝගී ප්‍රක්ෂේපනයට උදව් දීමක් පමණකි.

අවන්තට අනුව රනිල් කර ඇත්තේ තිරය ඉවත්කර අපිට යථාව මුණගැසීමට සැලැස්වීමකි. කෙලින් ම දෙවියන් නැති බව නිරුවත් ලෙස පෙන්වීමකි. එය සාමාන්‍ය දේශපාලඥයින් කිසිදා නොකරන දෙයකි. ඒ නිසාම අවන්තගේ ඉතුරු දෙදෙනා එසේ කර නැත. කාටූනයට අනුව එය රනිල් විසින් කළ රැඩිකල් වැඩකි.

අවන්තගේ රනිල් වැඩිය සීනුව හොලවන්නේ ද නැත. ඒ මාකට් කිරීමට තරම් දෙවි කෙනෙක් නැති හෙයින් ය. මේ අයුරින් තිරය නම් දෘෂ්ටිවාදය ඉවත්කර යථාවේ දේශපාලනය ආරම්භ වන්නේය (The ploitics of the Real).

තිරය ඉවත්කර ඇති හෙයින් දෙවියන් නැත. දෙවියන් නැති හෙයින් දේවාලයක් නැත. දේවාලයක් නැති නිසා කපුවෙක්ද නැත. දෙවියන් නැති නිසා යක්ෂයක් ද නැත.

කිසිවක් වසන්කර නැති නිසා බිමට වැටීමට කලිසමක් නැත. සමට යටින් නිරුවතක් ද නැත. දෘෂ්ටිවාදය ඉවත් වූ පසු අවසානයේ කිසිවක් ම නැත. ඇත්තේ ගැඹුරු ශුන්‍යබවක් පමණි. එයට මුහුණ දීමට ධෛර්යය අවශ්‍යය.

දැන් තේරීම ඔබට බාරය.

(මෙය කාටූනයට අදාළ සටහනක් පමණි).

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 දණ්ඩ මුක්තිය නසා,යුක්තිය දිනන වසර කරගමු – ප්‍රගීත් එක්නැළිගොඩට යුක්තිය පතා මෝදර කාලි කෝවිලේ අධිෂ්ඨාන පූජාවක්! (PHOTOS)

කොළඹ LNW: මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන්කර වසර 16ක්...

අමෙරිකාවේ දරුණු ශීත කුණාටුව අභියස ගුවන් ගමන් අවලංගුවීම්  8,000 ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

දශක තුනක නිහඬතාවය බිඳදමා ළමා අපයෝජන නඩු පිළිබඳ සැඟවුණු සත්‍යය එළියට!

රොගීන් අතහැර එන්න. දේශපාලන පිටියේදී විසදගමු – සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති වර්ජකයන්ට කියයි.

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:''දේශපාලඥයන් වශයෙන් අපි කරන්නේ...